💙🍁 Part 32 🍁💙

204 30 5
                                    






හිමින් හිමින් ඉස්සරහට යනකොට එකපාරටම ඉස්සරහට ආපු කෙනාට බය වෙලා කලබලේට එතන තිබ්බ යකඩ බටයක අත වැදිලා ඒක බිම වැටුනෙ ජැක්සන්ගේ වගේම ඩීල් කරන්න ආපු අනිත් අයගෙත් අවදානෙ අපේ පැත්තට හැරෙද්දි.

වුකී ඔප්පා 😳 එයා මොනාද මෙහෙ කරන්නෙ . ඊටත් එයා සුකී ඔන්නි ලග මේ දවස් ටිකේම ඉදපු නිසා ලාස්ට් මිශන් එක ගැන අපි ඔප්පට කිව්වෙ නෑ . ඒත් ඉතින් ඔප්පා ඇවිත් . මන් රහසින් ඔප්පගෙන් ඇහුවෙ මෙහෙ මොකක්ද කරන්නෙ කියලා . එතකොට එයා කිව්වෙ සුකී ඔන්නිට කරපු දේට පලිය ගන්න එයත් ඉන්න ඕනි කියලා .

ජැක්සන් ලග ඉදපු කෙනෙක් සද්දෙ ඇහිච්ච පැත්තට එද්දි අපි හැමෝම පුලු පුලුවන් තැන වල හැංගුණේ දැම්ම අපි ඇටෑක් කලොත් එතන කට්ටිය වැඩි වෙන නිසා . ඊටත් ගෝල්ඩ් අරන් ඇවිත් තිබ්බ ෆොරින්ග් කට්ටියක් . ඉතින් එයාලා එක්කත් මේ වෙලාවෙ ප්‍රශ්න දා ගන්න ඕනි නෑනෙ .

ජැක්සන්ගේ කෙනා අපි ඉන්න හරියට ආපු ගමන් තැන තැන හැංගිලා ඉදපු අපි ඔක්කොම ඒ මනුස්සයට ගන් දික් කරද්දි ඒ මනුස්සයගෙ කට වුකී ඔප්පා අතින් වහ ගත්තා . ඊට පස්සේ ඒ මනුස්සයට කියලම මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා ජැක්සන්ට කියවලා සුහෝ අතේ තිබ්බ කිනිස්සෙන් හිමීට බෙල්ල කපලා එතනම නිහඩ කලේ ඉස්සරහට අපිට ප්‍රශ්නයක් නොවෙන්න.

තවත් විනාඩි දහයකට විතර පස්සේ ෆොරිනස්ලා සල්ලි අරන් එතනින් පිට වෙනකොටම ෆැක්ට්‍රි එක තුන් පැත්තකින් වට කරලා තිබ්බ අපි එකම වෙලාවෙ ෆැක්ට්‍රියට කඩා පැන්නා. වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ජැක්සන් වගේම එයාගෙ ගෝලයොත් කලබල වෙද්දී ජැක්සන් ඉස්සර වෙන්න කලින් අපි ඇටෑක් කලා .

දෙපැත්තෙම කට්ටිය පැය බාගයක් විතර ෆයිට් කලත් තාමත් දෙපැත්තෙන් එක පැත්තක වත් කට්ටිය අඩපන වෙච්ච පාටක් නම් පේන්න තිබ්බෙ නෑ . ඒ නිසාම රිතූ එයාගෙ දෙවෙනි සැලැස්ම ක්‍රියාත්මක කලා .

මගෙ එකම එක සංඣාවකින් ඩේව් වගේම ශේනුත් හංගගෙන ඉදපු දුම් බෝම්බ ජැක්සන්ලා ලගට දාලා තමන්ගෙ කට්ටිය එක්ක මූණු ආවරණය කර ගත්තෙ හැම දේම කලින් ප්ලෑන් කරලා තිබ්බ නිසා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now