💙🍁 Part 40 🍁💙

267 37 13
                                    

මට සමාවෙන්න රිතූ . මන් මහා මෝඩයෙක්. කිසිම දෙයක් තේරෙන්නේ නැති මෝඩයක්.

යුන්ගි හියුන්ග් ඇවිත් සුමී එක්ක ගියත් මන් රූම් එකෙන් එලියට ආවෙ නෑ . දවස් තුනක් ගියත් මට රූම් එකෙන් එලියට එන්න බෑ . හියුන්ග්ලට මූණ දෙන්න බෑ. ඒ නිසා මන් රූම් එකටම  වෙලා ඉදියා . ඒත් සුමී ආවම විතරක් දොර ඇරලා එයාව ඇතුලට ගත්තා . ඒත් කොහොම හරි ජින් හියුන්ග් සුමී අතේ මට කෑම බීම එවපු නිසා මට ඒවා නොකා ඉන්න බැරි උනා 😔😔😔

සුමීත් එක්ක ඉදපු මේ දවස් තුන මන් ජීවිතේ වැඩියෙන්ම ආස දවස් වලින් ටිකක්. ඒ අතරෙ පුංචි කෙල්ලගෙන් මන් ගොඩක් දේවල් දැන ගත්තා . ඒත් ඒ හැමදේකින්ම උනේ තව තවත් මගෙ හිත පෑරෙන එක. මේ අවුරුදු දෙකහමාරෙ රිතූ ගොඩක් දුක් විදලා. රිතූ එක්ක කතා කරන්න කියලා හියුන්ග්ලා ඔක්කොම කිව්වත් මට රිතූ ලගට යන්න හයියක් තිබ්බෙ නෑ . මට බෑ ඒ කෙල්ලට මූණ දෙන්න  😥 වෙලාවකට සැකයි ඒ කෙල්ල මට දුන්න ආදරේට ඇත්තටම මන් සාදාරණයක් කලාද කියලා  😥  මන් දන්නවා එයා අනිවාර්යයෙන්ම මේ හැමදේකටම මට සමාව දෙනවා කියන්න . ඒත් එයාගෙ සමාව නෙවෙයි මන් මේ කරපු දේවල් වලට දඩුමුයි මට හම්බෙන්න ඕනි .

මේ දවස් තුනේම රූම් එකෙන් එලියට අඩියක්වත් තිබ්බෙ නැති උනාට වෙන හැමදේම මන් සුමීගෙන් අහ ගත්තා . කෑම බීමත් සුමී අතේ ආපු නිසා මට රූම් එකෙන් එලියට යන්න ඕනි උනේ නෑ . ඉතින් දවසම මම රූම් එකට වෙලා සුමී එක්ක එක එක විකාර කලා. මට ඕනි උනේ මේ අවුරුදු දෙකේම දෙන්න බැරි වෙච්ච ආදරේ මගෙ පුංචි බෝනික්කිට දෙන්න. මන් දන්නවා වුකී හියුන්ග් මගෙ කෙල්ලට තාත්තගෙ අඩුව දැනෙන්න දුන්නෙ නෑ කියලා . ඒ වගේම යුන්ගි හියුන්ග් . මගෙන් වෙන්න ඕනි හැමදේම ඒ දෙන්නා  මගෙ බෝනික්කි වෙනුවෙන් උපරිමෙන්ම කරලා තිබ්බා. ඒත් ඒ දේවල් දැනගන්නකොට මට මන් ගැනම දුකයි. ඇයි ඒ දේවල් මගෙ කෙල්ල වෙනුවෙන් මට කරන්න බැරි උනේ 😥😥 ඉරිසියාවක් දුකක් කලකිරීමක් වගේ හැගීම් ගොඩක් මගෙ හිතේ සක්මන් කරනවා.

👶 දෑද්..... ඕපන් ද දෝ.... ලුමී ආවා. දෑද් දෑද් .........

බෝනික්කි දොරට ගගහා කෑ ගහන සද්දෙට මන් ඉක්මනට ගිහින් දොර ඇරියෙ නැත්තං මේ  කෙල්ල ඉක්මනට තරහ වෙන නිසා . ඔම්මා වගේමයි ඒ ගති නම්. පුදුම චන්ඩිකමක් තියෙන්නේ 😒  මන් දොර අරිනකොට සුමීගෙ පිටිපස්සෙන් ඉදන් ටේ හියුන්ග් පෙට්ටි හිනාවත් දාගෙන බලා ඉන්නවා ඊට එහා පැත්තෙ  ජිමින් හියුන්ග් පෙට්ටියක් පිරෙන්න යූන්සොක්ගෙ සෙල්ලම් බඩු උස්සගෙන ඉන්නෙ මන් දොර අරිනකම්.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now