💙🍁 Part 39 🍁💙

270 36 14
                                    

මන් බොරුවට ඇස් පියාගෙන ඉදියත් සෙමට්‍රි එකට යනකම් කටර් එකක් වගේ කොරියන් ,ඉන්ග්ලිශ්,  සිංහල කලවමේ  කියවන ඒ හුරතල් කතා අහගෙන ගියෙ කියා ගන්න බැරි හැගීම් ගොඩක් හිත අස්සෙ පොරකද්දි .

යන මගදි කෙල්ල මාත් එක්ක කතා කරන්න හැදුවත් මන් ඇස් පියන් ඉදපු නිසා ජින් හියුන්ග්ට මන් නිදි කියලා කෙල්ල ආයිමත් යුන්ගි හියුන්ග් එක්ක කතා කරන්න ගත්තා . ඒත් එකපාරටම කෙල්ලට කැස්සක් ආපු නිසා මන් ඉක්මනට ඇස් ඇරලා බැලුවේ මොකක්ද උනේ කියලා . යුන්ගි හියුන්ග් අජ්ජුම්මා දීපු බෑග් එක ගන්න අත දික් කරද්දි මන් ලගම තිබ්බ බෑග් එක මන් ඉක්මනට යුන්ගි හියුන්ග් අතට දුන්නා . ඒකෙ තිබිලා ගත්ත පුංචි සූප්පු බෝතලේකින් යුන්ගි හියුන්ග් බෝනික්කිට වතුර පොවලා පිට අත ගාලා ආයිමත් බෑග් එක මට දුන්නෙ පිටිපස්සෙන් තියන්න කියලා .

අපි සෙමට්‍රි එකට යනකොට මන් කීයටවත් බලාපොරොත්තු උනේ නැති විදිහට රිතූ එයාගෙ පරන මිනිස්සු එක්ක මොලී නූනගෙ සොහොන ලගට වෙලා ඉදියා . ඒ ඇස් කෙලින්ම බලා ඉදියේ මන් දිහා . ඒත් මට ඒ මූණ බලන්න හයියක් නෑ . ඒ නිසා රිතූ දැක්කෙ නෑ වගේ මන් ගිහින් මගෙ අතේ තිබ්බ සුදුපාට ඩේසි මලක් මොලී නූනගෙ සොහොනෙන් තියලා ආයිමත් කාර් එකට ආවෙ එතන ඉන්න බැරි නිසා .

ඒ අතරෙ සුමී මමා ගාගෙන රිතූ ලගට ගියාම එයත් හරි ආදරෙන් කෙල්ල වඩාගන්න හැටි මන් බලා ඉදියේ කාර් එකේ ඉදලා . හියුන්ග්ලා එනකම් මන් කල්පනා කලේ දුමී නූනා කියපු ඒ වචන . ටිකකින් රිතූ ආයිමත් සුමී දීලා එයාගෙ මිනිස්සු එක්ක යන්න ගියා . අපේ කට්ටියත් ආයිමත් වාහන ලගට එනකොට ජිමින් හියුන්ග් අතේ සුමී ඉදපු නිසා එයාලගෙ වාහනේ කෙල්ල එක්ක එන්න හැදුවත් අඩලා අඩලා මගෙ අතට ආවෙ මේ කාර් එකේම යන්න ඕනි කියලා . උඩින් අකමැති කියලා හියුන්ග්ලට පෙන්නුවත් හිත යටින් මන් ඉදියේ බල්ටි ගගහා . මොකද මෙච්චර දවසක් මට ඕනි උනේ මේ බෝනික්කි මගෙ තුරුලට ගන්න . ඒත් මගෙ අහංකාරකම ඒකට ඉඩ දුන්නෙ නෑ . එන අතරෙ අඩලා හිටපු නිසාද මන්ද මගෙ අත් උඩම කෙල්ල සනීපෙට නිදාගෙන ඉදියේ පුංචි හා පැටියෙක් වගේ ☺️☺️☺️

ඩෝම් එකට ඇවිල්ලත් ඇහැරුනේ නැති කෙල්ල උස්සගෙන මාත් ජින් හියුන්ග් එක්ක ඇතුලට ගියෙ යුන්ගි හියුන්ග් මොකුත් නොවුන ගානට එයාගෙ රූම් එකට ගිහින්  දොර වහ ගද්දි . තාම හොබී , ජුන් ජිමින් හියුන්ග්ලා ඇවිත් නැති නිසා මන් ජින් හියුන්ග් එක්ක ගියත් එයත් වොශ් දා ගන්න කියලා රූම් එකට ගියෙ බබා මගෙ රූම් එකේ තියා ගන්න කියලා . 🙂 ජීවිතේට යූන්සොක් ඇරෙන්න බබෙක් ලගින් ආශ්‍රය කරලා නැති මම කොහොමද පුංචි බබෙක් මගෙ රූම් එකේ තියා ගන්නෙ.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now