💙🍁 Part 46 🍁💙

267 34 0
                                    


Author Pov 🖋️🖋️🖋️......

.

කුකී දැකපු දේ නිසා රිතූ එක්කම වැටෙන්න යද්දි පිටිපස්සෙන් ආපු යුන්ගි කුකීව අල්ල ගත්තෙ කුකී තාමත් බය වෙලා වගේ රිතූ දිහා බලා ඉද්දි . රිතූ දිහා බලපු යුන්ගිගෙ ඇසුත් ගැස්සෙද්දි . මොකද රිතූගෙ නහයෙන් වෙනද වගේම ලේ පාරවල් දෙකක් වැක්කෙරිලා තිබ්බෙ එයාගෙ ඇසුත් පිය වෙලා තියෙද්දි .

කුකීට මේක තාමත් අලුත් දෙයක් උනත් කාලෙක ඉදලා යුන්ගිට නම් රිතූ මේ විදිහට නහයෙන් ලේ පෙරාගෙන ඉන්න එක සුපුරුදු දසුනක්. ඒ නිසාම නම්ජුන්ට ඩොක්ටර් චෝයිට කතා කරන්න කියලා යුන්ගි රිතූ උස්සගෙන දිව්වෙ දොයුනුත් ජන්හියුන්ග් හොයාගෙන දුවද්දී . රිශීගෙ රූම් එකෙන් එලියට ආපු ඩොක්ටර් ඩොක්ටර් චෝයි එනකම් රිතූ චෙක් කරලා මූලික ට්‍රීට්මන්ට්ස් කරලා බුලට් එක අයින් කරලා ඒකට බෙහෙත් දැම්මෙ එයා රිතූගෙ තත්වෙ ගැන මොකුත්ම දන්නෙ නැති නිසා . මොකද රිතූගෙ රිතූගෙ බුලට් එක අයින් කරනවත් එක්කම ආපු ඩොක්ටර් චෝයි කලබලෙන් තියටර් එකට ගියෙ රිතූගෙ තත්වෙ දැනටමත් ගොඩක් බයානකයි කියලා උදේ රිපෝට් වලින් දැන ගත්ත නිසා .
තවත් විනාඩි ගානකට පස්සේ තියටර් එකෙන් එලියට ආපු ඩොක්ටර් චෝයිගෙ මූනෙන් නම් එච්චර හොද පාටක් පෙනුනෙ නෑ .

😸 ඩොක්ටර් චෝයි එයාට කොහොමද . මගෙ නංගි හොදින් නේද 😥

👩‍⚕‍ මිස්ට යුන්ගි එයා හොදින් නෙවෙයි . අද උදේ තමා එයාගෙ අලුත්ම රිපෝට්ස් මට හම්බුනේ . ඒත් ඒවා කලින් ඒවට වඩා ගොඩක් වෙනස්. මන් මිස්ට ජන්ග්ට ඒ දේවල් පැහැදිලි කරලා දුන්නා . ඒත් මේ දේ කොහොමද උනේ .

🐰 ඩොක්ටර් එයාට ඉක්මනට සනීප වෙයි නේද 😥😥 දැන් කොහොමද එයාට .

👩‍⚕‍ මිස්ට ජියෝන් මන් ඔයාට උදේ කිව්වනෙ. අපි ඉක්මනට එයාගෙ ඔපරේෂන් එක කරන්න ඕනි . දැන් නම් එයා හොදින් . ඒත් එයගෙන් ලේ ගොඩක් ගිහින් නිසා දැන් එයාට ලේ දීලා තියෙන්නේ . එයාට සිහිය ආපු ගමන් ඔයාල කැමති නම් අපි ඔපරේෂන් එක කරමු . මොකද එයාට සිහිය එන්නෙ නැතුව කිසිම දෙයක් දැන් කියන්න අමාරුයි .

ඩොක්ටර් චෝයි ජන්කුක්ගෙ පිටටත් තට්ටුවක් දාගෙන යන්න ගියෙ ඉක්මනට රිතූට සිහිය එන්න කියලා ප්‍රේ කරන්න කියලා කියන ගමන්. මොකද එයාට සිහිය එන්නෙ නැතුව කිසිම දෙයක් හරියට කියන්න බෑ කියලයි ඩොක්ටර් කිව්වෙ. යුන්ගි ජන්කුක් නම්ජුන් වගේම ඩේව් යූ ජන් , සුහෝ දෝයුන් කට්ටියත් ඔපරේෂන් තියටර් එක ඉස්සරහට වෙලා බලන් ඉදියේ රිතූට ඉක්මනට සිහිය එනකම්.

💙🍁 First Love 🍁💙 ( Complete )حيث تعيش القصص. اكتشف الآن