💙🍁 Part 42 🍁💙

262 34 1
                                    


  

ඒත් එක්කම මගෙ එහා පැත්තෙ ඉදපු යුන්ගි ඔප්පා දිහා බලද්දී එයාගෙ නලලෙන් ලේ ඇවිත් තිබ්බෙ මට වගේම බෝතල් පාරක් එයාටත් වැදිලා නිසා . එතන ඉදපු හැමෝම වගේ යුන්ගි ඔප්පට බනින ගමන් එයාව ප්‍රතික්ශේප කලේ බොරුකාරයෙක් විදිහට හංවඩු ගහලා. ඇත්තටම බොරු නිව්ස් එකක් අල්ලගෙන මෙයාල මේ විදිහට බොරුවට කෑ ගහන එකට ඇත්තටම මට කේන්ති ගිහින් ඉදියේ . ඊට වඩා මෙයාලා ආමිලද සසෙන්ග්ස්ලද කියලා හොයන්නත් බෑ . ඔක්කොටම වඩා මට යුන්ගි ඔප්පා ගැන දුකක් තිබ්බෙ මගෙ සුමී නිසා එයාට මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙච්ච නිසා .

බිත්තර වතුර බෝතල්, තක්කලි වගේ දේවල් වලින් ගාඩ්ලා අපිව බේර බේර කොහොම හරි වාහන ලගට එක්ක ආවත් යුන්ගි ඔප්පා තාමත් ඔලුව බිමට හරෝගෙන ඉදියේ එයාගෙ රතු වෙච්ච ඇස් අපෙන් හංගන්න වගේ . එයා ඉන්නෙ දුකින්ද කේන්තියෙන්ද කියලා හිතා ගන්න බැරුව මායි නම්ජුන් ඔප්පයි සද්ද නැතුව ඉදියේ රිශී නැති වෙච්ච එකත් යුන්ගි ඔප්පට මේ වෙලාවෙ ගොඩක් බලපාලා කියලා අපි දන්න නිසා . පාරෙ ඉදපු මිනිස්සු අමාරුවෙන් අයින් කරගෙන ඔප්පලගෙ කම්පැනි එකට ආවත් ඒකෙ ඉස්සරහත් ගොඩක් මිනිස්සු ඉදපු නිසා වෙනම ගේට් එකකින් අපි ඇතුලට යද්දි අන්කල් වගේම අනිත් හැමෝමත් බය වෙලා බලන් ඉදියේ අපි එනකම්.

ඒ අස්සෙ නිව්ස් චැනල් මේ ප්‍රශ්නෙ එක දෙක කරලා පෙන්නන්නෙ දැන් හොට්ම නිව්ස් එක අපි ගෙදරින් එලියට එන වීඩියෝ ටික නිසා . ඒ අස්සෙ හාජින්ගෙ මාක්ස් එක ගැලවිච්චි වෙලාවෙ ගත්ත එයාගෙ ෆොටෝස් එක්ක xxxx hotel  එකේ ඕනර්යි එයාගෙ ගර්ලුයිත් මෙතන ඉදියා කියන එක තවත් හොට් නිව්ස් එකක් උනේ හොටෙල් එක ගොඩක් ජනප්‍රිය නිසා .

බිත්තර තක්කලි වලින් නෑවිලා ඉදපු අපි තුන් දෙනා දැකලා හැමෝම අපි වටේ වට උනත් අන්කල් වොශ් දාගෙන එන්න කියපු නිසා කිසි කතාවක් නැතුවම අපි වොශ් දා ගන්න ගියෙ ඊට පස්සේ මීටින් එකක් තියෙන නිසා . ඒ අස්සෙ අනූ අක්කි යුන්ගි ඔප්පගෙ නලලට බෙහෙත් දැම්මෙ තාමත් ඔප්පගෙ නලලෙන් ලේ එන නිසා . හාජින්ගෙත් මූණ පුරා පොඩි පොඩි ප්ලාස්ටර් ගහලා තිබ්බෙ කෙල්ලගෙ මූණ නියපොතු පාරවල් වලට තුවාල වෙලා නිසා . අපි වොශ් දාගෙන එනකොට ඔප්පලගෙ ඩිරෙක්ටර් බෝඩ් එකේ අයයි ඔප්පලයි ඔක්කොම ඉදියා . සුමී දෝයුන් හාජින් සුකී ඔන්නි එක්ක එලියෙ තියලා අපි හැමෝමත් මීටින් රූම් එකට ගියෙ දැනටමත් මීටින් එක පටන් අරන් නිසා .  හැමෝම කතා උනේ දැන් මේ ප්‍රශ්නෙට මොකක්ද කරන්නෙ කියලා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now