💙🍁 Part 15 🍁💙

283 38 0
                                    

     
            

ඔව් ඒ එයා......... රිශාන් ............ මගෙ අම්මගෙන් ආදරණීය පුත්‍රයා 😒

අදත් වෙනද වගේම මන් සේරි ඔම්මගෙ කොෆි ශොප් එකට ආවෙ කුකීව හම්බෙන්න. හැමදාම වගේ එනවා කියපු වෙලාවට වඩා කුකී පරක්කු වෙනවා කියපු නිසා සේරි ඔම්මා  එක්කත් කතා කරලා ඇමරිකානෝ එකක් අරන් බිව්වෙ කුකී එනකම් .

(සේරි ඔම්මට එහෙම කියන්නෙ ඔප්පලා එක්ක මුල් කාලෙ ඉදලම එයා ඉදපු නිසාලු. එයාටත් ළමයි නැති නිසා ඔප්පලා එයාගෙම ළමයි වගේ කියලා තමා එයා නම් කියන්නෙ.   මේ ශොප් එක ගොඩක් පරනයිලු. ඔප්පලා මුල් කාලෙ ඉදලම මේ ශොප් එකට එනවලු. ඉතින් එයාලගෙ ආරක්ෂාව ගැන අවුලක් නෑ . සේරි ඔම්මත් එක්ක ඔප්පලා ගොඩක් එකතු නිසා ඔප්පලා ආවම කාටවත් වැඩිය පේන්නෙ නැති ටේබල් එකක් එයාලටම සේරි ඔම්මා  වෙන් කරලා තියෙනවා . )

මුලින්ම මන් රිශාන්ව දැක්කෙත් මේ ශොප් එකේදිම තමා. ඒත් මන් මුලින්ම හිතුවෙ එයා නිකන් වැකේශන් එකකට එන්න ඇති කියලා . යුන්ගි ඔප්පයි රිශී කිව්වෙත් ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා .

සේරි ඔම්මා එක්ක කතා කරලා ආවට පස්සේ ටිකක් එහා ටේබල් එකක ඉදපු රිශාන් එකපාරටම නැගිටලා මන් ළගට ආවා. වෙනදට නම් මේ මනුස්සය මට මූණට හම්බෙන හැම දවසකම ශේන් මගෙ ලග හිටියා. ඇත්තටම මේ රිශාන් දකිනකොට කොහෙවත් නැති කේන්තියක් ඉරිසියාවක් මට එනවා. අදත් ඒ විදිහටම මට කේන්ති ආවත් උපරිම මාව පාලනේ කර ගන්න මම ලොකු උත්සාහයක් ගත්තා .

😈 හේයි 😏 දන්න කියන කෙනෙක් හම්බුනාම කතා නොකර යන එක හරි නෑනෙ . නේද my lovely sisters  😌😌😌

                    එහෙම කියලා රිශාන් ඇවිත් මන් ඉදපු ටේබල් එකේම මගෙ ඉස්සරහින් වාඩි උනා .

🌹 හායි  😒

😈 මොකෝ තනියම . ඇයි අර ඔයාව හම්බෙන්න එන කොල්ලා අද නැද්ද . 😏 ඊටත් එයා මොකද සම්පූර්ණ කවර් කරන් එන්නෙ. පොලිසියෙන් හොයන අපරාදකාරයෙක් එහෙම නෙවෙයි නේද 🤣🤣🤣

      එහෙම කියලා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා . පිස්සුද මන්ද .ආශ් ඇත්තමයි මට එන කේන්තියක් 😖😖😖😖 මට හිතෙන්නෙම මේ මිනිහගෙ මූණට එකක් අනින්න. මන් බොහොම අමාරුවෙන් මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්නෙ . ඇත්තටම මේ වෙලාවෙ ශේන්ගෙ අඩුව මට ගොඩක් දැනෙනවා. අඩුම ගානෙ රිශීවත් නෑනෙ මන් ලග. මේකගෙ මූණට එකක් අනින්නමයි හිතෙන්නේ .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now