💙🍁 Part 18 🍁💙

271 39 5
                                    

ආශ් ......... යුන්ගි ඔප්පගෙ ඇදුමක් 🤦 ඊයෙ චූටි අයියට දීලා තියෙන්නේ යුන්ගි ඔප්පා ඉන්න රූම් එක . අයියෝ මේ මෝඩ අයියා .

( ගන් එකක් කියපු අය කොනට යන්න පීස් 😌 )

" රිතූ මේ දැම්මම කියනවා මේක කාගෙද . කොහෙන්ද කියනවා ගෑණු ළමයි දෙන්නෙක් ඉන්න ගෙදරක පිරිමි ඇදුම් හම්බෙන්නෙ  🤨🤨 "

🌹 අයියෝ චූටි බලියන්නෙ නැතුව ඉන්නවකො අනේ . ඔය යුන්ගි ඔප්පගෙ ඇදුමක් අනේ  🤦

" ආ..... එහෙමද . එහෙනම් කමක් නෑ ඉතින් 😁😁😁😁 මන් හිතුවා මේ 😊😊😊 "

" හරි හරි මේ . ඒවෑන් වැඩක් නෑ . මන් යනවා නැන්දි බලන්න. එනවද . "

🌹 අද බෑ . මන් ලගදි ගියා. ඔයා යන්න . අද යුනි යන්න ඕනි .

" හරි එහෙනම් . මන් එන්න හවස් වෙයි . පරන යාලුවො බලන්න යන්නත් ඕනි . "

🌹 හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ....... මට  ජුන් කී ඔප්පා කිව්වා. කෙල්ලො සෙට් එකක් ඉන්නවා කියලා ඔයාට බලන්න. මෙහෙ ඉද්දි ස්කූල් යනවට අමතර කෙල්ලොත් හුරතල් කලා කියලා මට ආරංචි  😌😌😌

" මොකක්ද කියන්නෙ ආ....... ඔහොම ඉන්නවා ........."

          චූටි අයියා එහෙම කියලා මගෙ පස්සෙන් පන්නනකොට මන් සාලෙ වටේ දිව්වා. කොහෙද මෙයාගෙන් බේරෙන්න බෑ . මන් ඊලඟට දිව්වෙ ගාඩ්න් එකට . ගාඩ්න් එක වටේ දිව්වත් බේරෙන්න බැරි උනා . මාව අල්ලගෙන වට දෙක තුනක් කරකෝලා බිමින් තිබ්බ චූටි අයියා එකපාරටම බිමට කඩන් වැටුනා . 😳 මන් බය වෙලා බලන් ඉද්දි මෙන්න මේකා තනකොල කකා හිනා වෙනවා. මාත් බිමින් ඉද ගත්තා 🤗 ගොඩක් කාලෙකින් චූටි අයියා එක්ක ඉන්න හම්බුනේ . ඊටත් දැන් එයා ගොඩක් සතුටින් වගේ . මගෙ චූටි අයියා විදපු වේදනා එක්ක දැන් හරි එයා මෙහෙම නිදහසේ සතුටින් ඉන්න එක ලොකු දෙයක් .

" දන්නවද දෝණි ...... "

🌹 ම්ම්ම්ම්......

                 චූටි අයියා මට දෝණි කියනකොට මට හිතුනා සීරියස් දෙයක් කියලා . චූටි අයියා විතරක් නෙවෙයි තාත්ති ඇරෙන්න අයියලා තුන් දෙනා මට දෝණි කියලා කතා කරන්නෙ සීරියස් දෙයක් කියනකොට විතරයි . අනිත් වෙලාවට එක්කො බබා, නැත්තං රිතූ ..... 😁

💙🍁 First Love 🍁💙 ( Complete )Dove le storie prendono vita. Scoprilo ora