💙🍁 Part 22 🍁💙

229 33 11
                                    

රිතූගෙ එක්සෑම් ඉවර නිසා පුලුවන් ඉක්මනට වැඩ ටික ඉවර කරලා ලංකාවට ආයිමත් එන්න කියලා එයාගෙ අයියලා තුන් දෙනා වගේම තාත්තිත් නිතරම රිතූට කිව්වත් රිතූ ඒක මගෑරියෙ ඉක්මනට ජැක්සන් වගේම රිශානුත් ඉවර කරන්න ඕනි උන නිසා . ඊටත් වඩා රිතූ දැන් මේ රටත් එක්ක බැදිලා . කුකී , ඔප්පලා වගේම දෝයුන් මොලී වගේ කට්ටිය නිසාත් රිතූට ලංකාවට ආයිමත් යන්න හිත හදා ගන්න ගොඩක් අමාරු උනා .

අවුරුද්දකට කිට්ටු කාලයක් කොරියාවෙ ඉදපු නිසා දැන් රිතූට වගේම රිශීටත් මෙහෙ දාලා යන්න ලෝබයි. අනූට යන්න ඕනි උනත් එයා දැන්  BTS main fashion ඩිසයිනර් නිසා එයාට එයාගෙ ජොබ් එක දාලා යන්න විදිහක් නෑ . ඊටත් දැනටමත් එයා ඒ ජොබ් එකට ආදරේ කරන්න පටන් අරන් නිසා වගේම එයාටත් නොදැනී එයා දැන් කෙනෙක් ගැන උදේ හවස හිතන නිසා .

.
.
.
.

Rithu Pov  🌹🌹🌹🌹......


හැමදේම හොද විදිහට ඉස්සරහට යද්දි අනූ අක්කිට නිතරම කරදර ආවා. එයා නිතරම ඉදියේ ස්ට්‍රෙස් එකේ. ඒ නිසාම මාත් ඉදියේ අවුලින් . මොකද මම නිසයි අනූ අක්කි ඒ ජොබ් එකට කැමති උනේ 😥😥😥 අක්කි ඔප්පලා එක්ක ගොඩක් ලගින් ඉන්න නිසා ස්ටාෆ් එකේ ගොඩක් අය අක්කි එක්ක ඉන්නෙ තරහින් . ඉරිසියාවෙන්.

දැන් අනූ අක්කි ගෙදර එන්නෙත් ගොඩක් රෑ වෙලා . වල්ඩ් ටුවර් එක ලග නිසා අක්කි ගොඩක් මහන්සි වෙනවා කොස්ටියුම්ස් රෙඩි කරන්න. සමහර දවස් වලට අන්කල්ගෙ පර්මිශන් අරන් රිශීවත් ඔෆිස් එක්ක යන්නෙ එතන ඉන්න අයගෙන් ලොකු සපෝට් එකක් අක්කිට ලැබෙන්නේ නැති නිසා  😥 රෑ වෙනකොට  ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පෝට් දුන්නත් මගෙ හිතට හරි නෑ . 😔😔

මේ දවස් ටිකේ ජැක්සන්ගේ වගේම රිශාන්ගෙත් වැඩ ගොඩක් නතර කරන්න අපිට පුලුවන් උනා . ශේන් ජොනීලත් එක්ක කතා කරලා ඉතුරු වෙපන් ටිකත් ගෙන්න ගත්ත. ඒ වගේම බෙකීගෙ උදව්වෙන් තවත් විශ්වාසවන්ත  කිහිප දෙනෙක්ම අපේ ගැන්ග් එකට ජොයින් කර ගන්න අපිට පුලුවන් උනා . 

රිශාන් එදා හම්බුනාට පස්සේ ආයිමත් මගෙ ඉස්සරහට ආවෙ නෑ . ආවෙ නැති එකත් හොදයි . මොකද ආවා නම් මන් මොනා කරයිද කියලා මන්වත් දන්නෙ නෑ . මේ දවස් ටිකේම මන් එලියට බැස්සත් රිශී හරි ගාඩ් කෙනෙක් හරි අනිවාර්යයෙන්ම මගෙ පස්සෙන් එනවා.  යුන්ගි ඔප්පාගෙ වගේම පොඩි අයියගෙත් තීරනයක් ඒක. ඉහල උසාවියෙ තීන්දු වලට පිටින් යන්න බෑනෙ ඉතින් 😁😁😁😁 . හැබැයි ඉතින්  ඒ මගෙ ආරක්ෂාවට නම් නෙවෙයි බැරි වෙලාවත් රිශාන් මන් ඉස්සරහට ආවොත් මගෙන් රිශාන්ව පරිස්සම් කරන්න  😂

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now