බෝනස් 😉😉😉

193 33 0
                                    

Rithu Pov  🌹🌹🌹........

ඔක්කොම වැඩ ටික ඉවර කරලා , ඉතුරු ටික ඩේව්ට බලා ගන්න කියලා මන් රිශියි වුකී ඔප්පයි එක්ක ගෙදර ආවෙ තාමත් කට්ටිය ඇහැරලා ඇති කියලා හිතාගෙන . මොකද කොච්චර රෑ උනත් කවදාවත් අපි එනකම් අනූ අක්කි නිදා ගන්නෙ නෑ . බයික් දෙක මේන් හවුස් එකේ නිසා වුකී ඔප්පගෙ කාර් එකේ අපි ගෙදරට එනකොටත් ගෙදර ඔක්කොම ලයිට් දාලා තිබ්බ නිසා මන් හිතුවෙ හැමෝම ඇහැරලා ඇති කියලා .

ගාඩ්න් එකේ තැන තැන ඉදපු ඔප්පලගෙ ගාඩ්ලා දිහාටත් ඇස් යවන ගමන් මම ගේ ඇතුලට ගියෙ දැන් පාන්දර තුනත් පහු වෙලා නිසා ඉක්මනට ගිහින් පොඩි නින්දක් දාන්න . ඊටත් වඩා මට ඕනි උනේ තනියම ඉන්න. මොකද රිශාන්ගෙ ඒ වචන තාමත් මගෙ කන් දෙකේ දෝන්කාර දෙනවා වගේ මට ඇහෙනවා.

කට්ටිය ඇහැරලා ඇති කියලා හිතුවත් ගෙට ගොඩ වෙනකොටම මන් දැක්කෙ ලිවින්ග් රූම් එකේ චූටි බබා අතේ තියාගෙන එහෙට මෙහෙට ඇවිදින හ්‍යුන් සික් ඔප්පා . පැටියා බඩගිනි වෙලා ඇහැරෙන්න ඇති , කොහොමත් කිරි එක නිවෙනකම් එයාව අතේ තියන් ඉන්න ඕනි . නැත්තං ඉතින් ගෙදර වහලේ උඩ යන්න තරම් සද්දෙන් අඩන්නෙ.  කොහොමත් රෑ එලිවෙන ටිකට තුන් පාරක්වත් බඩගිනි වෙලා පොඩ්ඩා නැගිටලා අඩනවා. රෑට අනූ අක්කිගෙ රූම් එකේ ඉන්න නිසා එයා ඉතින් නැගිටලා කිරි හදලා පොවන්නෙ බන්ඩිය පිරුනම ආයිමත් පැය ගානක් කොල්ලා නිදා ගන්නවා කියලා දන්න නිසා .

හ්‍යුන් සික් ඔප්පට ටිකක් එහායින්  අනූ අක්කිත්  ෆෝන් එක දිහා බලාගෙන බර කල්පනවක්. අපෙන් පනිවිඩයක් එනකම් බලන් ඉන්නවා ඇති . අපිව දැක්ක ගමන් ඉක්මනට දුවගෙන ඇවිත් මාවයි රිශීවයි හරව හරව බැලුවේ අපිට තුවාලද කියලා . හරියට අම්මා කෙනෙක් වගේ කොහොමත් අක්කි හැමදේටම කලින් බලන්නෙ අපිට තුවාලද කියලා තමයි .

ඒ වෙලාවෙම ජින් ඔප්පා කිචන් එකේ ඉදලා ආවෙ බබාගෙ කිරි එක අරගෙන . අද ජින් ඔප්පා ඉන්න නිසා අනූ අක්කිගෙ වැඩ ලේසි වෙලා වගේ .

හ්‍යුන් සික් ඔප්පා ලගට ගිහින් පැටියගෙ ඔලුව අතගාන්න හදලත් මන් අත අහකට ගත්තෙ අර නරුමයන්ගෙ ලේ සුවදවත් පුංචි පැටියට දැනෙන්න ඕනි නැති නිසා . ඒත් ටීක්බෝල වගේ ඇස් දෙක කරකව කරකව ඉන්න පැටියට මන් කතා කලේ හැමදේම ඉවරයි කියන්න .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now