💙🍁 Park 04 🍁💙

502 70 7
                                    

Rithu Pov  🌹🌹🌹🌹🌹.......

At Katunayaka International Airport

"  සුදූ බේබී  "

🌹 කොහොමද සෑම් අන්කල්  😁 කෝ කවුද ආවෙ 

" අනේ මම විතරයි බේබී ආවෙ. ලොකු මහත්තයටයි, පොඩි බේබිටයි හදිස්සියෙම කැනඩා යන්න වෙලා . ලොකු බේබිටත් හොස්පිටල් එකෙන් කෝල් එකක් ඇවිත් ගියා .චූටි බේබිත් අද ශූටින් ගිහින්  😔 ඉතින් මන් විතරයි ආවෙ 😥 "

🌹 හ්ම්ම්ම්ම් 😒😒😒😒 එහෙමද. කමක් නෑ අපි යමුකෝ එහෙනම් 😔😔😔

            මම A/L  ඉවර උන ගමන්ම ඇමරිකා ආවෙ හොටෙල් මැනේජ්මන්ට් ඩිග්‍රි එකට. ඒක ඉවර වෙලා ආයි එනකොට තාත්ති වත් අයියලා වත් මාව ගන්න ඇවිත් හිටියේ නෑ . 😔 ඇත්තටම සෑම් අන්කල් කවුරුවත් ආවෙ නෑ කියනකොට මට ගොඩක් දුක හිතුනා 😥  ඒ වගේම ගොඩක් තරහ ගියා .

මන් ගෙදර යන ගමන්ම මගෙ යාලුවන්ට මැසේජ් එකක් දැම්මෙ අපේ හොටෙල් එකට යන්න ලෑස්ති වෙන්න කියලා . මොකද මට දුක හිතුනම මම හැමදාම යන්නෙ ඒ හොටෙල් එකට . ඒක කොළඹින් ටිකක් ඈත තිබ්බ නිසා නිදහසේ ඉන්න ඕනි උනාම මම යන්නෙ ඒ හොටෙල් එකට .

මගෙ යාලුවන්ටයි එයාලගෙ ගෙවල් වල අයටයි මේක ලොකු දෙයක් නෙවෙයි  😁 මොකද අපි ඉස්සර ඉදන්ම ඔය විදිහට කට්ටිය තනියම ඉන්න යන නිසා .

මන් ගෙදර ගිය ගමන් රූම් එකට ගිහින් වොශ් එකකුත් දාගෙන ඇදුම් ටිකකුත් ලෑස්ති කරන් මගෙ කා එකේ කී එකත් අරන් පහලට එනකොට සොෆියා අම්මා මට චොක්ලට් මිල්ක් එකකුත් අරන් උඩට ආවා. කොච්චර කේන්තියෙන් හිටියත් සොෆියා අම්මගෙ හිත රිද්දන්න බැරි නිසා මම ඒකත් බිව්වෙ අම්මා නැති මට පොඩි කාලෙ ඉදන් අම්මා උන කෙනාට දුකක් දෙන්න බැරි නිසා  😔

සොෆියා අම්මා නවතින්න කියද්දිත් මන් කා එකත් අරන් ආවෙ මට ගොඩක් දුක හිතිල ඉදපු නිසා . මොකද අයියලටවත් තාත්තිටවත් මාව ගන්න එන්න බැරි උන එකට මන් හිටියේ ගොඩක් තරහින් . මන් දැක්ක සෑම් අන්කලුයි සොෆියා අම්මයි ගේට් එක ලගට එනකනුත් ඇවිත් බලන් ඉන්නවා .

ඒත් ඉතින් මට අපේ ගෙදර මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න ඔනි උනා  😁 එයාලගෙ එකම නංගි ගන්න එන්න බැරි උන අයියලයි , දුව ගන්න ආවෙ නැති තාත්ති එක්ක මන් හිටියේ ගොඩක් කේන්තියෙන්. 😒😒😒

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now