💙🍁 Part 47 🍁💙

267 31 8
                                    

අවසානයට පෙර 🥺🥺🥺

බෝනික්කි වොශ් කරලා පහලට යවලා මාත් යන්න ලෑස්ති උනත් බෝනික්කගෙ ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා මන් එහෙමම නැවතුනේ අද නම් දෙකෙන් එකක් විසදගන්නවා කියලා හිතාගෙන 😒😒😒😒

ඇයි අප්පා මේකා බැලුවොත් මගෙ කෙල්ල එක්ක සිරික්කිය 😒

🐰 යොබ්බොසේයෝ 😠

යොබ්බොසේයෝ කුකී පපා.....

කොච්චර කේන්තියෙන් ෆෝන් එක ඉස්සුවත් ඒ කටහඩ අහපු ගමන් ඒ කේන්තිය නැති වෙලා යන්නෙ හුලගට අහු වෙච්ච වරා මලක් වගේ ☺️☺️☺️ මොකද මේ පොඩි කොල්ලා තමා මාව ඉස්සල්ලම අප්පෙක් කලේ. මාව විතරක් නෙවෙයි අපි හැමෝමව. අපි හැමෝගෙම ලොකු පුතා කිම් යූන්සොක් . මොලී නූනගෙ පුංචි පුතා. පුංචි කිව්වට දැන් කොල්ලා පුංචි නෑ .

🐰 හදිස්සියක්ද යූන්. සුමී ඩිනර් ගන්න ගියා.

ආනී......... කුකී පපා. අප්පා කිව්වා හෙට හවසට යුන්ගි සම්චොන්ගෙ ගෙදර බර්ත් ඩේ පාටි එක තියෙන්නේ කියලා . ඒක කියන්න ගත්තෙ .

🐰 මන් සුමීට කියන්නම් යූන්..... 😊

එහෙනම් මන් තියන්නම් කුකී පපා. චල්ජායෝ.......

🐰 චල්ජායෝ යූන්.......

යූන්ගෙන් ආපු කෝල් එකත් කට් කරලා මම පහලට ආවෙ අවුරුදු පහකට කලින් ඒ දවස ආයිමත් මතක් කරන ගමන්. මොකද යූන් නිසා තමයි සුමී මේ විදිහට හරි ඉන්නෙ.

.







....... Flashback ........



.

එදා රිතූගෙ ඔපරේෂන් එකෙන් පස්සේ අපි හැමෝම ඩෝම් එකට ආවෙ මලමිනී ටිකක් වගේ . මේ වෙච්ච කිසිම දෙයක් මට හිතා ගන්න බැරි උනා 😔😔😔 ඒ සිද්දියෙන් දවස් දෙකක් ගියත් අපි හැමෝම ඉදියේ වෙච්ච දේවල් පිලිගන්න බැරුව . ඒ අස්සෙ රිතූගෙ අප්පා ඇවිත් සුමීව ආපහු ලංකාවට අරන් යන්න හැදුවෙ මට සුමීගෙ කිසිම අයිතියක් නෑ කියලා . රිතූත් නැති ජීවිතේ මට සුමීත් නැති උනොත් මම පිස්සෙක් වෙයි . ඒ ගැන දන්න නිසාම මගෙ හියුන්ග් යුන්ගි හියුන්ග් එක්ක රිතූගෙ අප්පා එක්ක කතා කලත් එයාගෙ තීරනේ වෙනස් උනේ නෑ . ඒත් කොහොම හරි කරලා රිතූගෙ පොඩි අයිය ලග වැද වැටිලා මම එයා ලව්වා රිතූගෙ අප්පට තේරුම් කලාට පස්සේ එයා හැමෝටම බැනලා බැනලා යන්න ගියා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now