💙🍁 Part 28 🍁💙

215 34 5
                                    

   Author Pov 🖋️🖋️🖋️🖋️ ........

දවස් දෙකකට කලින් රිතූ එක්ක ඉඩම ලගදි වෙච්ච රන්ඩු ලීසා ජැක්සන්ට කිව්වෙ නැත්තෙ එයාටම ඒ වැඩේ හැන්ඩ්ල් කර ගන්න පුලුවන් කියලා හිතිච්ව නිසා . ඒත් නොහිතපු විදිහට රිතූ හොරෙන්ම ඉඩමෙ අයිතිකාරයා එක්ක කතා කරලා අද ඉඩම නීත්‍යනුකූලවම ගත්ත නිසා ලීසා ඉදියේ කේන්තියෙ වගේම ලැජ්ජාවෙ උපරිමේ .

නිව්ස් එක දැනගත්ත ගමන්ම කඩාගෙන බිදගෙන ජැක්සන් හොයන් ආවත් ජැක්සන් ඒ වෙනකොටත් ඉදියේ ගෙදර කට්ටිය එක්ක ඩිනර් ගන්න ගමන්. 

ජැක්සන් ගැන කියනවා නම් එයාගෙ ඔම්මා එයාගෙ ඇත්ත තාත්තගෙ ඩිවෝස් වෙලා තියෙන්නේ එයා ගොඩක් වැරදි වැඩ කරපු නිසා . ඊට පස්සේ ජැක්සන්ගේ ඔම්මා මිස්ට කන්ග්ව මැරි කරලා . ඒ වෙනකොට මිස්ට කන්ග්ට පුතෙක් ඉදපු නිසා එයා ජැක්සන්වත් තමන්ගෙම දරුවෙක් වගේ බලා ගන්නෙ ජැක්සන්ගේ ඔම්මා ගොඩක් හොද කෙනෙක් වගේම තමන්ගෙ පුතාට කුඩම්මෙක් නොවී ඔම්මා කෙනෙක්ම උන නිසා . මිස්ට ඇන්ඩ් මිසිස් කන්ග් දෙන්නගෙ දුව තමයි ලීසා කියන්නෙ. මෙයා හැබැයි එයාගෙ ලොකු අයියට වඩා පොඩි අයියා එක්ක තමා එකතු . ලෝකෙට පේන්න හරිම සංවර, අහින්සක ගෑණු ළමෙක් උන මෙයාගෙ ඇත්ත දන්නෙ ගෙදර අයගෙන් ජැක්සන් විතරයි . මොකද ජැක්සනුත් එයාගෙ ඉන්ලීගල් බිස්නස් කලාට ලෝකෙට ගොඩක් හොද බිස්නස්මන් කෙනෙක් වගේම කන්ග් සමූහ ව්‍යාපාරයේ බාල පුතානෙ. 😏

හැබැයි ඉතින් ජැක්සන්ගේ ඔම්මා ජැක්සන් පුංචි කාලෙම එයාගෙ අප්පගෙන් වෙන් කලත් අප්පා කලාටත් වඩා ලොකු වැරදි දේවල් දැන් පුතා කරනවා කියලා එයාවත් වෙන කවුරුවත් වත් දැනගෙන ඉදියේ නෑ . මොකද ජැක්සන් කියන්නෙ එයාගෙ අයියට බිස්නස් වලට උදව් කරන ටිකක් කේන්ති ගියත් හරිම නිහතමානී සහෝදරයෙක් .ලීසටත් එයාගෙ මුලු ලෝකෙම උනේ එයාගෙ දෙවෙනි අයියා .මොකද ජැක්සන් එයාගෙ පවුලේ අයට ගොඩක් ආදරේ කලා . මිස්ට කන්ග් උනත් ගොඩක් ආඩම්බරෙන් ඉදියේ ජැක්සන් වගේම එයාගෙ ලොකු පුතත් බිස්නස් බලාගෙන හරිම ලස්සනට ජීවත් වෙන විදිහ නිසා . ඒත් ඉතින් මේ කවුරුවත් දැනගෙන ඉදියේ නෑ ජැක්සන්ගේ ලේ වලින්ම එයා එයාගෙ අප්පටත් වඩා නරක කෙනෙක් කියලා .  මොකද කොච්චර හොද මිනිස්සු ලග ඉදියත් ලේ වලින්ම එන දේවල්  කාටවත් වෙනස් කරන්න බෑනෙ 😒😒😒

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now