💙🍁 Part 41 🍁💙

276 37 0
                                    

කුකීගෙ ආරක්ශාවට ප්‍රශ්නයක් නැති උනත් අනිත් අය හැමෝම සේෆ්ද කියන එක ප්‍රශ්නයක් .

රිතූ නිදි නිසා කුකීත් රිතූගෙ බෙඩ් එක ලගින් පුටුවක් තියාගෙන ඉදගෙන රිතූගෙ කැනියුලා එක ගහපු අතකින් පරිස්සමින් අල්ල ගත්තෙ අවුරුදු දෙකහමාරකට පස්සේ .

අවුරුදු දෙකහමාරකට කලින් තිබ්බ ඒ ලස්සන , ඒ ශක්තිය රිතූ ලග දැන් නෑ කියලා මැලවිලා ගිය ඒ මූණෙනුයි ශක්තියක් නැති ඒ අතපය වලිනුයි තේරුනත් කුකී ඒ කිසිම දෙයක් ගනන් නොගෙන රිතූගෙ ඒ අතින් හාදුවක් තිබ්බෙ ඇස් වලින් ගලන් යන කදුලුත් එක්ක.

කුකීට තිබ්බෙ එයා ගැනම කේන්තියක්, දුකක්. මොකද එයාට මීට වඩා මේ දේවල් ගැන හොයලා බලන්න තිබ්බ නේද කියලා මේ දවස් ගානට සිය දහස් වාරයක් කුකීගෙ හිත එයාටම දොස් පවරන්න ඇති . රිතූ ඇහැරෙයි කියලා අනිත් අතින් කට වහගෙන සද්දෙ ඇහෙන්නෙ නැතුව කුකී  ඒ රිතූගෙ මැලවුණු මූණ දිහා බලාගෙන කොච්චර වෙලාවක් අඩන්න ඇතිද . ඒක දන්නෙ ඒ පාලු කාමරේ බිත්තියි රිතූගෙ ඇගට හයි කරලා තිබ්බ මැශිනුයි විතරයි  😥

කුකීගෙ කදුලු වලට පුංචි විරාමයක් හම්බුනේ රිතූගෙ රූම් එකට ආපු දුමී නිසා . එයා කුකීටයි රිතූටයි රෑට කෑම අරන් ඇවිත් තිබ්බත් කුකී ඉදපු විදිහට එයාගෙත් ඇස් වලට කදුලු ආවෙ එයාගෙ චූටි මල්ලි මේ විදිහට අඩනවා එයාටත් බලා ඉන්න බැරි නිසා .

ගෙනාපු කෑම ටිකත් පැත්තකින් තියලා කුකී ලගට ආපු දුමී කුකීගෙ උරහිසකින් අත තිබ්බෙ මේ වෙලාවෙ කුකීට ඒකත් ලොකු සැනසීමක් කියලා දන්න නිසා . ඒ තප්පරේම කුකී දුමීට වාරු වෙලා අඩන්න ගත්තෙ හිතේ තියෙන හැම දුකක්ම එයාගෙ නූනට කියන ගමන්. මොකද මෙච්චර කාලෙකට දුමී විතරයි වචනයක් වත් නොකිය නිහඩවම කුකීගෙ දුක අහගෙන ඉදියේ .

🐰 නූනා  😥 අනේ නූනා එයාට නැගිටින්න කියන්නකෝ..... නැගිටලා මට බනින්න කියන්න , ගහන්න කියන්න  . ඒත් මන් සද්ද නැතුව ඉන්නම්. අනේ නූනා එයාට නැගිටලා කතා කරන්න කියන්නකෝ. එයා එහෙම ඉන්නකොට මන් කොහොමද නූනා ඉවසන්නෙ. මේකද මන් කරපු වැඩ වලට හම්බෙන දඩුවම. 😭 මේ හැමදේම මගෙ වැරදි . හැමෝම කිව්වට මමයි ඇහුවෙ නැත්තෙ. දැන් ආයිමත් මගෙ වැරදි නිසා එයයි දුක් විදින්නෙ. 😭😭😭😭

💙🍁 First Love 🍁💙 ( Complete )Kde žijí příběhy. Začni objevovat