💙🍁 Part 34 🍁💙

224 34 0
                                    

කලබලේටම පඩිපෙලින් බාගයක් බහිද්දි දැක්ක දේ නිසා මට හිනාව නවත්ත ගන්න බැරි උනා 😂😂😂😂  මන් දැක්කෙ සෝෆා එකේ නිදාගෙන ඉන්න් ගමන්ම කෑ ගහන හ්‍යුන් සික් ඔප්පා ........ වුකී ඔප්පත් සෝෆා එකේ පෙරලි පෙරලි හිනා වෙනවා 😂 අම්මෝ හ්‍යුන් සික් ඔප්පා  😂😂😂

එලියෙ හිටපු ඔප්පලගෙ ගාඩ්ලත් ගෙට දුවගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද සද්දෙ බලන්න. එයාලත් දොර ලගට වෙලා බය වෙලා බලාගෙන ඉන්නෙ මේ මොකද මේ කියලා  🤭 ජින් ඔප්පත් එක අතකින් බබා වඩාගෙන අනිත් අතේ කොස්සක් තියාගෙන බය වෙලා බලන් ඉන්නවා . ටේ ඔප්පට නම් වෙන දේ හිතා ගන්න බැරුව වගේ ඉන්නෙ. ඒ අස්සෙ යුන්ගි ඔප්පා දාගෙන ඔරෝනවා එයාගෙ නින්ද කැඩුවට 🤭🤭🤭

ඊයෙ රෑ හැමෝම රූම් වල නිදා  ගත්තත් වුකී ඔප්පයි හ්‍යුන් සික් ඔප්පයි සාලෙ සෝෆා දෙකේ නිදාගෙන තිබ්බෙ. එලියෙ ගාඩ්ලා ඉන්න නිසා ඒ දෙන්නත් පොඩ්ඩක් ගෙට ඇවිත් නිදාගෙන තියෙන්නේ ඊයෙ මිශන් එකට ගිහින් මහන්සි නිසා . ඊටත් අපි නිද ගන්න ගියෙත් එලි වෙන පාන්දරනෙ.

මන් පියවි සිහියට ආවෙ මාත් එක්කම පහලට දුවන් ආපු කුකී ජිමින් ඔප්පයි රිශී හිනා වෙන සද්දෙට  😂 

" අනේ රිතූ ප්ලීස් මූව ගන්නකෝ අනේ  ......... "

හ්‍යුන් සික් ඔප්පා තාම පුටුවෙ හාන්සි වෙලා ඉන්න ගමන් කෑ ගහන්න ගත්තෙ රොකී අහකට ගන්න කියලා  🤭  පුටුවෙ නිදාගෙන ඉන්න හ්‍යුන් සික් ඔප්පගෙ මූණ ලගටම මූණ තියාගෙන රොකී හ්‍යුන් සික් ඔප්පා දිහා බලාගෙන ඉන්නවා. හ්‍යුන් සික් ඔප්පට නැගිටින්නවත් බෑ ඒ ඉන්න විදිහට . ඊටත් හ්‍යුන් සික් ඔප්පා මොලී ඔන්නිට වඩා බල්ලන්ට බයයි  😂 අඩුම රොකී ගෙනාවට පස්සේ එයා මේ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට ආවෙත් ඊයෙ . එතකම් එයා මෙච්චර දවසක් ගෙදරට වත් ආවෙ නෑ  😂

😸 රොකී ඔතනින් අයිනට වෙන්න...... කෝ ඉතින් ......... කොහොම ගාඩ් කෙනෙක් උනාද මන්ද  😒 බැරි වෙලා හරි අපේ පස්සෙන් බල්ලෙක් එහෙම පැන්නුවොත් ගාඩ්ව ආරක්ෂා කරන්න වෙන්නෙත් අපිට. 😤

යුන්ගි ඔප්පා ඇවිත් බැන බැන රොකීගෙ කර පටියෙන් අල්ලලා අහකට එක්ක ගියාම ඉහින් කනින් දාඩිය පෙරාගෙන හ්‍යුන් සික් ඔප්පා නැගිටලා පුටුවෙන් ඉද ගත්තා . තාම කට්ටිය හිනා වෙනවා. එලියෙ ඉදලා දුවගෙන ආපු ගාඩ්ලත් හිනා වෙවී ආයිමත් ගියෙ එයාලගෙ දෙවෙනි ලොක්කගෙ  බය ගැන කතා වෙවී...... හ්‍යුන් සික් ඔප්පට නම් දැන් පොලොව පලන් යන්න හිතිලා ඇත්තෙ. ඇයි වුකී ඔප්පා තාම හිනා වෙනවා. ඒ මදිවට අනිත් කට්ටිය  😂😂😂

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now