💙🍁 Part 32 🍁💙

Start from the beginning
                                    

ඒත් රිතූ නොදැන තව දෙයක් සිද්ද උනා . ඔව් ජැක්සන් එයාගෙ අමතර ගාඩ්ලටත් පනිවිඩේ යවලා එයාල එනකම් ෆයිට් එක දිග් ගැස්සුවා කියලා රිතූලා දැනගෙන ඉදියේ නෑ .

තවත් විනාඩි දහයක් විතර යනකොට ජැක්සන්ගේ තව ටීම් එකක් ෆැක්ට්‍රි එකට කඩන් පනිනකොට රිතූගෙ කට්ටියත් දිගට හරහට වෙඩි තියන්න් ගත්තෙ වෙඩි තියෙන්නේ නැතුව මේ කට්ටිය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා . දෙපැත්තෙන්ම එක පිට එක වෙඩි හුවමාරු වෙද්දී හැමෝටම හොරෙන් ජැක්සන් එතනින් පනින්න හදනවා කවුරුවත් දැක්කෙ නෑ . ඒත් මුල ඉදලම ජැක්සන් ටාගට් කරගෙන ඉදපු රිතූගෙ ඇස් වලින් ඔයා කොහොමද ජැක්සන් බේරෙන්නෙ.

ජැක්සන් පනින්න හදන්නේ කියලා හැමෝටම කියලා රිතූ ජැක්සන් ගිය පැත්තටම ගියෙ අද ජැක්සන්ට පැනලා යන්න දෙන්න බැරි නිසා . ඒත් ජැක්සන්ගේ අලුත් නැට්ට වගේ ඉන්න එකා රිතූගෙ ඉස්සරහට ආවෙ රිතූට ජැක්සන් පස්සෙන් යන්න බැරි වෙන්න. ඒත් ජැක්සන්ගේ කෙනා එයාගෙ බොස් ආරක්ෂා කරනවා වගේම ඩේව්ත් එයාගෙ බොස්ට් ඕනි දේ කර ගන්න ජැක්සන්ගේ දෙවෙනියා ඉස්සරහට ඇවිත් ෆයිට් කරන්න ගත්තෙ රිතූට ජැක්සන් පස්සෙන් යන්න ඉඩ හදලා දෙමින්.

රිතූගෙ හැමෝම බ්ලූටූත් වලින් සම්බන්ද වෙලා ඉදපු නිසා ශේන්ට මෙතන වැඩ බලා ගන්න කියලා රිතූ ජැක්සන් පස්සෙන් ආවා. රිතූ තනියම ජැක්සන් පස්සෙන් ආපු නිසා ඩේව්ත් ජැක්සන්ගේ දෙවෙනියා ඇතෑරලා රිතූ පස්සෙන් ගියෙ වුකීගෙයි ශෙන්ගෙයි බලකිරීමට . මොකද ජැක්සන් වගේ කෙනෙක් තනියම හැන්ඩ්ල් කරන්න රිතූට අමාරුයි .

ටිකක් කැලේ හරියට වෙන්න තිබ්බ ෆැක්ට්‍රියෙන් පැන්න ජැක්සන් ඉක්මනට දුවන් ආවෙ එයාගෙ වාහනේ ලගට. ඒත් ජැක්සන් පස්සෙන් ආපු රිතූ ජැක්සන්ගේ කාර් එකේ රෝද වලට වෙඩි තියපු ජැක්සන්ට පැනලා යන එක කරන්න බැරි උනා .

ජැක්සන් කාර් එකට මුවා වෙලා රිතූට වෙඩි තියද්දී රිතූත් ලග තිබ්බ ගහකට මුවා වෙලා ජැක්සන්ට වෙඩි තියන්න්න ගත්තා . ඒත් රිතූ අහක බලපු එක තප්පරේට ජැක්සන් හැංගිලා ඉදපු කාර් එක ලගින් අයින් වෙලා පැනලා ගියෙ ලග තිබ්බ මුඩුක්කු නිවාස පැත්තට .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now