💙🍁 Part 27 🍁💙

Start from the beginning
                                    

රොකී මගෙ ඇගට නැගපු නිසා මන් එකපාරටම බැල්කනි වැටට හේත්තු උනා .අතේ තිබ්බ වයින් එක මගෙ ඇග පුරාම හැලෙද්දි ග්ලාස් එක බැල්කනියෙන් පහලට වැටුනා. ෆෝන් එක බේර ගත්තෙත් බොහොම අමාරුවෙන් . මගෙ මුලු මූණම ලෙවකාපු රොකී ඊට පස්සේ සද්දෙන් බුර බුර නට්ට වනන්න ගත්තෙ මාව යාලු කර ගන්න. මොකද කලින් මගෙ ඇගට පැනලා මාව වට්ටපු නිසා මන් රොකීව ගනන් ගත්තෙ නෑ . ඒකට එයාට දුක හිතෙන්න ඇති .

බැල්කනියේ තිබ්බ පුටුවෙන් ඉදගෙන රොකීගෙ ඔලුව අතගාන ගමන් මන් කුකී එක්ක කතා කලා. කුකීටත් රොකීව අදුන්නලා දුන්නත් කුකී නම් බය වෙලාද කොහෙද 🤭 කුකී එක්කත් කතා කරලා වොශ් එකක් දාගෙන පහලට ගියෙ බලු කෙලයි වයිනුයි වලින් මන් නෑවිලා ඉදපු නිසා . පහල තාම කට්ටිය පාටි .

මන් යනකොට මගෙ නසරානියෝ ටික මාව වට කර ගත්තෙ මට තාත්ති දීලා තෑග්ග ගැන අහන්න.

අඛි - ඕයි මේ මොකක්ද බන් අන්කල් දුන්නෙ .

මධූ - අනේ කියහන්කෝ අගේ කරන්නෙ නැතුව 😤

🌹 අලුත් ප්‍රොජෙක්ට් එකක්. 😁 ඒකත් කොරියා වල. අපේ හොටෙල්ස් වල ඊලග බ්‍රාන්ච් එක පටන් ගන්නෙ කොරියා වල. ඒකට හැමදේම ලෑස්ති කරලා. ඒ ඩොකියුමන්ට් ටික තමා තාත්ති දුන්නෙ. ස්පෙශල්ම දේ ඒක හදන්නෙ මට ඕනි විදිහට. ඒකෙ හැම අයිතියක්ම මගෙ 😌

🌻 වාහ්...... මරුනේ 😍 එතකොට කෙල්ල ආයිමත් කොරියා යනවා නේද . මරු මරු .

" එතකොට පොඩි අයියා දුන්නෙ මොකක්ද බන් . "

🌹 යාහ්හ්හ්හ් බූරුවෝ .... ටිකට් බන් ටිකට්, කොරියා යන්න ටිකට්, තව දවස් තුනෙන් මන් එහේ 😌

ශ්ශ්ශ්ස්........ අතිනුත් වැඩ කෑල්ලක් දාලා පෙන්නුවා ඉතින් 😁😁😁😁

🌻 ඒ මටත් ආයි යන්න ඕනි බන් . මාවත් එක්කන් පලයන්කෝ. උබේ පොඩි අයියට කියලා අපේ ගෙදර අයගෙ කැමැත්ත ගනින්කො plz ....plz plz ........

යශ් - යකෝ ඒකහ්...😏 රිතූට නම් එහෙ යන්න හේතු තියෙනවා . උබ මොකටද එහෙ යන්නෙ .

අඛී - ලංකාවේ කෙල්ලො ඔක්කොම කොරියාවට අයිති වෙයි වගේ මේ යන විදිහට 😂😂😂

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now