💙🍁 Part 24 🍁💙

Start from the beginning
                                    

😈 ඔය MJ කියන උන් එහෙදිත් මට ලොකු ඇණයක් උනා . දැන් මෙහෙටත් ඇවිත් . මගෙ බිස්නස් ඔක්කොම නැති උනේ උන් නිසා . 😠

ජැක්සන් , ලීසා වගේම රිශාන් MJ ගැන හොයා ගන්න ලොකු කට්ටක් කද්දී ලීසගෙ ඔලුවෙ වැඩ කලේ වෙනමම දෙයක් . එයාට ඕනි උනේ රිතූට රිද්දන්න. මොකද එදා ක්ලබ් එකේ වෙච්ච සිද්දියත් එක්ක ලීසාට ඕනි උනේ රිතූට පාඩමක් උගන්නන්න. මොකද මීට කලින් කවුරුවත් ඒ විදිහට ලීසට කතා කරලා නෑ . කතා කලත් ඒ කිසිම කෙනෙක් යහතින් ඉදියේ නෑ .

ලීසගෙ මේ වැඩේට රිශානුත් එක පයින්ම කැමති උනේ රිතූ එයාගෙ ආදරේ ප්‍රතික්ශේප කරපු නිසා . මොකද කවුරුවත් දැනන් ඉදියේ නැතත් රිශාන් ඇත්තටම රිතූට ආදරේ කලා.රිශාන්ගෙ හිතේ ලොකු සැකයක් තිබ්බත් MJ කියන්නෙ රිතූ කියලා ජැක්සන් එක හෙලාම ඒකට විරුද්ධ උනේ ජැක්සන් දැනටමත් රිතූ ගැන විස්තර හොයා ගෙන තිබ්බ නිසා .

(අර රිශාන් බොරුවට ආදරේ කලා කියපු අය මේ කොනට එන්න.... මගෙ අහින්සක කොල්ලාට බොරුවට බැන්නා 😏 )

මීට රිශාන්ට ලව් කරන ඕතරී 🙂

.
.
.

Time past ..........

.

💅 මන් කියපු දේ මතකයි නේද . ඒ දේවල් ඒ විදිහටම වෙන්න ඕනි .

' හරි මැඩම් මන් කරන්නම්. '

💅 වැඩේ හරියට ඉවර කලාම කියපු විදිහට ඔයාට ඕනි දේවල් ලැබෙයි. ඒ නිසා කියපු දේ පරිස්සමින් අහු වෙන්නෙ නැති වෙන්න කරනවා . තේරුනානෙ. මොකද මන් කැමති නෑ වැඩ අනාගන්න මිනිස්සුන්ට 😏

' හරි මැඩම් . '

..................................................................

.
.
.

..... Flashback .....

Author Pov 🖋️🖋️🖋️🖋️ ..........


රිතූ නිදා ගත්තට පස්සේ කුකීත් ඒ ඇදටම ඔලුවත් තියන් රිතූගෙ අතකුත් අල්ලගෙන නින්දට වැටුනා . ඒත් එක්කම සෝෆා එකේ ඉදගෙන ඉදපු යුන්ගිට වගේම වුකීටත් ඇස් පිය උනේ උදේ ඉදලා මහන්සි වෙච්ච නිසා ඇගේ අමාරුවට. වුකීත් බය නැතුව ඇහැ පියා ගත්තෙ එලියෙ රිතූගෙ ගැන්ග් එකේ දෙන්නෙක් වගේම කොල්ලො දෙන්නගෙ ගාඩ් එකට ආපු ගාඩ්ලත් ඉදපු නිසා . ටිකකින් රිශීටත් යුන්ගිගෙ උරහිසකට හේත්තු වෙලා නින්ද ගියා. ඒත් මෙයාල කවුරුවත් දැනගෙන ඉදියේ නෑ ඒ නින්ද හැමෝටම ප්‍රශ්න ගොඩක් ඇති කරයි කියලා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now