💙🍁 Part 16 🍁💙

Start from the beginning
                                    

ඔප්පයි ඔන්නි එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉදලා අපි ගෙදර ආවෙ හෙට උදේම ආයිමත් කුකීට ප්‍රැක්ටිස් වගේම මට යුනි යන්න තියෙන නිසා . ඒත් ඉතින් ගෙදර එනකොට ගෙදර එක ලයිට් එකක්වත් දාලා නෑ . දොර අරින්න හදනකොට දැක්කෙ දොර ලොක් කරලා නෑ . ඒත් ඇයි . හිතට පුංචි බයක් දැනෙනකොට මන් හිමින් හිමින් ගේ ඇතුලට ගියෙ රිශී කෝ බලන්න. මගෙ පස්සෙන්ම කුකීත් ආවෙ ගෙදර ලයිට් නැති නිසා මොකක් හරි ප්‍රශ්නයක්ද බලන්න. අපි යනකොට ලිවින්ග් රූම් එකේ විතරක් ලයිට් දාලා නිසා ඒ පැත්තට යනකොට රිශීට පොත් ගොඩක් මැද නින්ද ගිහින් .

ප්‍රශ්නයක් නෑ කියලා දැනගත්ත නිසා කුකී ආයිමත් ඩෝම් එකට යනකොට මන් රිශීවත් නැගිට්ටවලා රූම් එකට යැව්වෙ දැන් ගොඩක් රෑ වෙලා නිසා .



Rishi pov .......🌻🌻🌻🌻

කෙනෙක් තමන්ගෙ ජීවිතේ වැඩියෙන්ම වටින්නෙ, වැඩියෙන්ම ආදරේ  කාටද  කියලා ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකක්ද . සමහරු කියයි තමන්මයි කියලා තවත් අය පවුල , බිරිඳ , දරුවෝ, සහෝදරයො gf,bf, ඔය ඕනිම දෙයක් කියයි. ඒත් කවුරුවත් කියයිද ඒ යාලුවා කියලා . නෑ ගොඩක් අය එහෙම කියන්නෙ නෑ . හැබැයි එහෙම කියන්න නැති අයත් නැත්තෙම නෑ . මාත් ඒ වගේ කෙනෙක් . මන් කියන්නෙ ඒ යාලුවා කියලා . මගෙ ජීවිතේ මට වැඩියෙන්ම වටින්නෙ මගෙ යාලුවා රිතූ ........

ඔව් අපි දෙන්න මොන්ටිසෝරි යන කාලෙ ඉදලම ඉන්නෙ එකට. කෑවෙ බිව්වෙ ඉදියේ එකට . සමහර දවස් වලට දවස් ගනන් මන් ගෙදර යන්නෙ නැතුව රිතූ එක්ක නැවතුනා. එයාගෙ අම්මා නෑ . එයා අම්මා කිව්වෙ මගෙ අම්මටයි ශෙන්ගෙ අම්මටයි. කවදාවත් අපේ පවුල් වලින් අපි තුන් දෙනාට වෙනස් විදිහට සැලකුවෙ නෑ . අපේ අම්මලා තාත්තලට අපි තුන් දෙනාම එකයි. සමහරක් වෙලාවට අපේ අම්මා මට වඩා රිතූට ආදරෙයි .

රිතූට ඕනි තරම් සල්ලි තිබ්බා . ඒත් පොඩි කාලෙ ඉදලා එයාට ඕනි ආදරේ එයාට ලැබුනෙ නෑ .එයාගෙ තාත්තා බිස්නස් ගොඩ ගන්න මහන්සි වෙද්දී පොඩි අයියා ඒවට උදව් කලා. ලොකු අයියා ස්ටඩීස් නිසා බිසී වෙද්දී එයා ගොඩක්ම ආදරේ කරපු චූටි අයියා ලංකාවෙවත් ඉදියේ නෑ .ඉදියේ නෑ නෙවෙයි එයාට ඉන්න පුලුවන් උනේ නෑ . ඒ නිසා රිතූ ගොඩක්ම ලන් උනේ මටයි ශේන්ටයි. රිතූ හරිම අහින්සකයි . ඒත් දවසක් ඒ හැමදේම වෙනස් උනා . එදා ඉදලා රිතූ අහින්සක උනේ ලෝකෙට පේන්න විතරයි . එයා ගොඩක් වෙනස් උනා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now