ඩිනර් එක ගන්න වෙලාවෙත් කවුරුවත් කතා කලේ නෑ . ඇත්තටම මට මේක ගොඩක් නුපුරුදු දෙයක්. හැමදාම මායි ජිමින් හියුන්ග් දෙන්නගෙ රන්ඩු ඒවා බේරන හොබි ජුන් හියුන්ග්ලා . ටේගෙ කෑම එක හොරෙන් ටැනීට දීලා ජින් හියුන්ග් ගෙන් බැනුම් අහන ටේහ්‍යුන්ග් . හැමදේම බලාගෙන හොරෙන් හිනා වෙවී කෑම කන යුන්ගි හියුන්ග් , අපි හැමෝටම බනින ජින් හියුන්ග් . ඇත්තටම අද කිසිම සද්දයක් නෑ . මේක තවත් ඉවසන්න බැරිම තැන අතේ තිබ්බ චොප්ස්ටික් දෙකත් සද්දෙන් ටේබල් එකෙන් තිබ්බ මම පුටුවත් පස්සට කරලා නැගිට්ටා.
🐰 හියුන්ග් මේක දැන් හොදටම ඇති . මොකක්ද ඔයාලට අද වෙලා තියෙන්නේ 😒 ඇයි හැමෝම කතා නොකර ඉන්නෙ. ඔයාලා මාත් එක්ක තරහද 😔😔😔
🐼 ජන්කුකා මේ අහන්නකො...... එහෙම දෙයක් නෑ . අපි ඇයි ඔයා එක්ක තරහ වෙන්නෙ. දැන් ඉදගෙන කෑම කන්න .
🐰 බෑ ... මට බෑ කන්න. මට කියන්න මොකක්ද උනේ කියලා . කෝ ටැනී .
🐨 ටැනී ටේගෙ අම්මලා එක්ක ගියා. අපිට එයාව බලා ගන්න අමාරුයිනෙ . ඒ නිසා අපි නිවාඩු දවසට විතරක් එයාව ගෙන්න ගන්න තීරණය කලා.
🐰 ඒකට හේතුව මමද. ඔයාල කතා නොකරන්නෙත් මම නිසාද.
හරි මට සමාවෙන්න . මන් නිසයි මේ හැමදේම . මන් ආත්මාර්ථකාමී උනා . යුන්ගි හියුන්ග් උදේ කියපු විදිහට මන් මන් ගැන විතරයි හිතන්නෙ. මන් ඔයාල හැමෝටම කරදරයක්. මන් නිසා නේද ටේ ටැනීව ගිහින් දැම්මෙ . ඔයලා ඔහොම ඉන්නෙ මන් නිසා නේද .😭😭😭😭😭😭😭😭😭
අන්තිම ටික කියනකොට මගෙ කටේ සද්දෙ හොදටම වැඩී උනා කියලා මටම තේරුනා . ඒ ටික කියලා ඉවර වෙනකොටම මන් හයියෙන් ඇඩුනා. මන් අඩනකොට බය වෙලා වගේ බලන් ඉදපු හියුන්ග්ලා ඔක්කොම ඇවිත් මාව බදාගත්තා. එයාල එහෙම කරනකොට මන් ඊටත් වඩා හයියෙන් ඇඩුනෙ මන් නිසා හියුන්ග්ලා ඔක්කොම දුකින් නිසා 😭
හැමදාම වගේ මගෙ ලග මගෙ හියුන්ග්ලා ඉදියා . මන් අඩනකොට නලවන්න පලවෙනි දවසෙ වගේම අදත් එයාල හැමෝම මාව හග් කරගෙන ඉන්නවා. හියුන්ග්ලා හැමෝම කිව්වෙ එයාල මාත් එක්ක තරහ නෑ කියලා . මන් එයාල හැමෝගෙන්ම සමාව ගත්තා . විශේෂයෙන්ම ටේහියෝන් ගෙන්.
YOU ARE READING
💙🍁 First Love 🍁💙 ( Complete )
Fanfiction..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
💙🍁 Part 13 🍁💙
Start from the beginning