💙🍁 Part 10 🍁💙

Start from the beginning
                                    

යුන්ගි ඔප්පා කතා කරලා ඩොක්ටර්ට කියලා රිශීගෙ තුවාලෙටත් බෙහෙත් දැම්මා. ඔප්පා කියනකම් මටත් ඒක අමතක වෙලා තිබ්බෙ. අපේ රිශී නම් බෙහෙත් දාලා ඉවර වෙනකම්  හොල්මන් දැක්ක වගේ යුන්ගි ඔප්පා දිහා බලන් ඉදියා 🤦🤦

ඩොක්ටර් ගියාට පස්සේ මන් වෙච්ච ඔක්කොම පොඩි අයියටයි අනූ අක්කිටයි කිව්වා. ටිකකින් යුන්ගි ඔප්පා පහලට යන්න හදනකොට පොඩි අයියා යුන්ගි ඔප්පට තෑන්ක් කලා අපිට උදව් කරපු එකට.


Time past next day .......

තව දුරටත් මට හොටෙල් එකේ ඉන්න පොඩි අයියා ඉඩ දුන්නෙ නෑ . ඒ නිසා හෙට මාව ගෙදර එක්ක යන්න එනවා කියලා පොඩි අයියා ඊයෙ හවස ආයි ගෙදර ගියා . අනූ අක්කි නතර උනේ මාව බලා ගන්න .

හෙට යන්න වෙනවා කියලා කිව්වම නම් ඔප්පලා ටික ගොඩක් දුක් උනා . මොකද එයාල තව සති දෙකක් මෙහෙ ඉන්නවා. අපි නැතුව එයාලට ගොඩක් පාලුයිලු. අපිටත් දුකයි ඉතින් එයාලා දාලා ආයි ගෙවල් වලට යන්න. මොකද ඔප්පලා ටික ඒ තරමට අපිට ගොඩක් ලන් උනා මේ දවස් ටිකට.

හෙට අපිට යන්න වෙන නිසා අද රෑට කට්ටියම පාටි එකක් දාන්න කතා උනා. ටිකක් දවල් උනාට පස්සේ අකඛිලයි යශ් දෙන්න  එක්ක ජින් , යුන්ගි ඔප්පලයි ඒ  එක්ක සොන්ජුන් ඔප්පත් ගියෙ පාර්ටි එකට බඩු වගයක් ගන්න ඕනි කියලා .

එයාල ගියාට පස්සේ අනිත් කට්ටිය මුලු හොටෙල් ගාර්ඩ්න් එකම ලස්සනට සැරසුවා. හොටෙල් ස්ටාෆ් එකෙන් උදව් ගමු කිව්වත් හැමදාම මේ වගේ වැඩ කරන්න වෙන්නෙ නෑ කියලා ඔප්පලට ඕනි උනා ඒ වැඩ තනියම කරන්න . මට තුවාලෙ එක්ක ගොඩක් වැඩ කරන්න බැරි නිසා ටේ ඔප්පගෙයි මගෙයි සම හුරතලා බලා ගන්න මන් බාර ගත්තා 🤗 . දැන් එයාගෙ තුවාල හොද නිසා බෝලෙ වගේ හැම තැනම දුවනවා.

( සම හුරතලා කිව්වෙ ඒ බලු පැටියා අපි දෙන්නම එකතු වෙලා ගෙනාපු නිසා ☺️☺️ )

කට්ටියත් එක්කම දගලලා දගලලා හවස් වෙනකොට ගාර්ඩ්න් එක රෙඩි කර ගත්තා 🤗 ඒ අස්සෙ අපේ රිශී පුටුවක් පල්ලෙ වැටෙන්න ගිහින් අනූ නවෙන් බේරුනේ යුන්ගි ඔප්පා නිසා  😁

හවස හත විතර වෙනකොට කට්ටිය පාර්ටි එක පටන් ගත්තා 🤗  කට්ටිය සින්දු කියලා නටලා කාලා බීලා ගොඩක් සතුටු උනා. ඔප්පලට වගේම අපිටත් ගොඩක් දුකයි හෙට කට්ටියට වෙන් වෙන්න වෙන හින්දා. මේ සති දෙකට අපි හැමෝම  ගොඩක් ලන් උනා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now