💙🍁 Part 06 🍁💙

Bắt đầu từ đầu
                                    

හොටෙල් එකටම වෙලා ඉදලා කම්මැලි කියලා ඔප්පලා කොහෙ හරි ඇවිදින්න යන්න ඕනි කිව්ව නිසා අපි කට්ටිත් එයාල එක්ක ටිකක් ඇවිදින්න ගියා. ගොඩක් ඈතට නොයා හොටෙල් එක කිට්ටුවම කට්ටිය ටිකක් ඇවිදලා ආයි හොටෙල් එකට ආවා. මේ දවස් දෙකට ඔප්පලා අපිත් එක්ක ගොඩක් ෆිට් උනා .

කොච්චර හිනා වෙලා සතුටින් ඉන්න හැදුවත් ඔලුවට එන්නෙම අද රෑට ශේන් හම්බෙන්න යන එක. ඒ කෙනා ඇත්තටම කවුරු වෙන්න පුළුවන්ද  🤔 ශේන් හොයා ගත්තා කිව්වත් හවසට ඇවිත් බලනකම් කියන්න එපා කිව්වෙ ඒ කෙනා කවුද කියලා ගිහින්ම බලන්න ඕනි නිසා  .

.
.
.

Time past at night

අපි ඇවිදින්න ගිහින් ඉදපු වෙලේ මගෙ බයික් එක ශේන් හොටෙල් එකට එවලා තිබ්බා . කට්ටිය එක්ක ඩිනර් එකත් අරන්  08. 30 විතර වෙනකොට මම ලෑස්ති වෙලා රිශීගෙ රූම් එකට ලගට ආවෙ ඒකිත් මන් එක්ක යන්න ඕනි කියපු නිසා . අනූ අක්කි එන්න හදලා ආයි නැවතුනේ අපේ අනිත් තුන් දෙනාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා .

මන් රිශීගෙ රූම් එක ඉස්සරහ බිත්තියට කකුලකුත් තියන් හේත්තු  වෙලා මගෙ කොයින් එක කරකව කරකව ඉද්දි මන් දැක්ක අර අහන්කාර බිස්කට බෝයි රූම් එකෙන් එලියට එනවා. මන් දිහාත් බලලා එයා පහලට ගියා .

ටිකකින් රිශී ආපු නිසා අපි දෙන්නම යන්න කියලා පහලට ආවත් ඔක්කොම කට්ටියට පහලට වෙලා බලන් ඉන්නවා  😳 දැන් ඉතින් මෙයාල අහන ඒවට උත්තර දෙන්නත් වෙනවනෙ 😒😒😒

අඛී : කොහෙද රිතූ යන්නෙ දෙන්න .

යශ් : ඒකනෙ බන් . උබලා දෙන්නම කලු පාට ඇදගෙන හොරකමක්වත් කරන්න යනවද 😳

🌹 පිස්සුද බන් . අපි දෙන්න මේ යාලුවෙක් හම්බෙන්න යන්නෙ  😁 අනික කලු ඇදන් යන්නෙ හොරකම් කරන්න විතරද 😒

අඛී : දැන් අපි නොදන්න උබ තනියම හම්බෙන යාලුවා කවුද මේ රෑ  😒

🌻 මේ මේ එයා මේ. ශේන්  😁 ශේන් හම්බෙන්න අපි යන්නෙ. ගොඩ කාලෙකින් යන්න බැරි උනානෙ  🤗

යශ් : ඉතින් බන් කලින් කිව්ව නම් අපිත් එනවනෙ.

🌹 හරි හරි ඉතින් . අපි කට්ටියම දවසක යන්කො. දැන් අපි දෙන්න ගිහින් එන්නම් .

💙🍁 First Love 🍁💙 ( Complete )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ