🖤 60 🖤

239 39 18
                                    

ෂෙලි කෝ මේ ෂෙලි. පාක් ෂෙලි!!!

ආශ් මේ දඟ මල්ල කොහෙට අතුරුදහන් වුණාද?

උදේ ඉදන්ම මිෂෙල් ෂෙලිව හොයන්නෙ චුටි කෙල්ලව ස්කුල් යවන්න. ඒත් කොහෙද චුටි ෂෙලිගෙ හෙවණැල්ලවත් තාම මිෂෙල්ට හොයා ගන්න බැරි වුණා.

ශෙ--- මේ කෙල්ල.

මුළු ගෙ ඇතුළේම හොයලා මිෂෙල් ආවෙ ජිමින් ආවම නැවතෙන රූම් එකට. රූම් එකට ඇවිත් හයියෙන් කෑ ගහන්න හැදුවත් වචන ගිල ගත්ත මිෂෙල් බලන් හිටියෙ ජිමින්ගේ පපුවට ගුලි වෙලා ඉන්න ෂෙලීව. ලස්සන හිනාවක් මිෂෙල්ගේ මුණේ ඇදෙනකොට කෙල්ල ලං වුණේ පස්සවල් උඩ දාන් නිදන් ඉන්න අප්පයි දුයි ළඟට.

ඔයාලා නිසයි තාමත් මන් මෙහෙම ඉන්නෙ.

ජිමින්ගේ පපුවේ ඔලුව හංගන් ඉන්න ෂෙලිගෙ ඔලුව පිරිමදින ගමන් මිෂෙල් තමන්ටම මුමුණ ගත්තා. ඒ එක්කම මිෂෙල්ගෙ ඇස් නවතින්නේ ජිමින් ළඟ. මුණට වැටිලා තියන කොන්ඩ ගස්, උල් වෙලා තියන චබි තොල්, ලා රෝස පාටකට හරිලා තියන ඒ පිම්බුන් කම්බුල් නිසා මිෂෙල්ගේ මුණේ ඇඳුනේ ලස්සන හිනාවක්.

කුමාවෝ මගේ ජිමිනි.

කොල්ලගේ කොන්ඩේ අතර ඇගිලි යැව්ව මිෂෙල් පහත් වෙලා ජිමින්ගේ කම්බුලකින් හාදුවක් තියලා චුටි ෂෙලිගෙ කම්බුලකිනුත් ලොකුම ලොකු කිස් එකක් තිබ්බා.

ජි-ශෙලිට තව ටිකක් නිදාගන්න දුන්න මිෂෙල් නැගිටලා ආවෙ කිචන් එකට. ජිමින්ට ස්ටොබෙරි මිලක් එකක් හැදුව මිෂෙල් ෂෙලිට බනානා මිලක් එකක් හැදුවේ පරණ මතක ආයිමත් අවිස්සෙනකොට.

එයත් ඔයා වගෙමයි! ඒත් මන් ඔයාට වෛර කරනවා ජන්කුක්!

ජන්කුක්ගෙ රූපේ වගේම ජන්කුක්ගෙ පුරුදුත් කිසි අඩුවක් නැතුව ෂෙලිට පිහිටලා තියනකොට මිෂෙල්ගේ හිතට තරහක් නොආවම නෙමෙ. ජන්කුක්ව ශෙලිගෙන් පෙනකොට මුල් කාලෙදි මිෂෙල් ෂෙලිව ප්‍රතික්ෂේප කරා. ඒත් වැඩි හිටියන්ගෙ වැරදි වලට දරුවෝ පලි නෑ. ඒක මිෂෙල්ට ගොඩක් හොදින් දැනුණා. මොකද ඒ දේම තමා මිෂෙල්ටත් වුණේ.

ඒ නිසා ජන්කුක්ගෙ තරහා ජන්කුක් එක්කම තියාගෙන මිෂෙල් ෂෙලිට හොඳ මාම් කෙනෙක් වුණා. ජිමින් ෂෙලිට හොඳ ඩෑඩ් කෙනෙක් වුණා!!!

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now