🖤 27 🖤

309 42 6
                                    


රූම් එකට අඩාගෙන ගිය මිෂෙල් දිහා අත් මිටි කරන් බලන් හිටිය ජන්කුක් ඉන්න තැනින් නැගිට්ටේ තමන් ගැනම ඇති වුණ කේන්තියෙන්.

ලිවින් රූම් එකෙන් දෙවන මහල ආව ජන්කුක් දෙවන මහලේ කෙරොළේම තිබ්බ රූම් එකට ගියේ සුපුරුදු විදිහටම දුකක්,වේදනාවක්,තරහවක් ඇති වෙන හැම වෙලාවෙම කරන දේ කරන්න.

කලු තීන්ත ආලේප කර තිබු කාමරෙ පිරිලා තිබුණෙ ව්‍යායාම උපකරණ වලින්. දුක, කේන්තිය ජන්කුක් පාලනේ කරගත්තේ යකඩ එක්ක ඔට්ටු වෙමින්.

වෙනම පිළිවෙළකට ඇසුරලා තිබ්බ කලු ගල්වුස් දෙකක් ගත්ත ගලවුස් අත් වලට දා ගන්න ගමන් ජන්කුක් ගියේ පංචින් බෑග් එකක් ළඟට. හුස්මක් උඩට ඇද්ද ජන්කුක් හිතේ තියන තරහව,කේන්තිය අඩු වෙනකන් පංචින් බෑග් එකට ගැහුවේ තමන්ටම දොස් පවර ගන්න ගමන්.

මන් වෛර කරනවා ලව්. මන් වෛර කරනවා මන් ඒ කරපු දේවල් වලට.

මියානේ මැණික. මන්.මන් හිතලා නෙමෙ ඒ දේවල් කරේ.

ආශ් මන් මහා තිරිසනෙක්. මන් මගේ කෙල්ලව ඇඩෙව්වා.

නිමක් නැතුව ජන්කුක් පංචින් බෑග් එකට ගහන ගමන් අතීත මතක වල කිමිදුණා. කවදාවත් හදන්න බැරි වරදක් තමන් අතින් වෙලා තියනකොට ජන්කුක් මුළු හදවතින්ම පසුතැවුනා.

මේ අතර ජන්කුක්ගෙන් කඳුලු හංගමින් රූම් එකට ආව මිෂෙල් ගියේ වොෂ් රූම් එකට. දොර වහා ගත්ත කෙල්ල මිරර් එක ළඟට ගිහින් තමන් දිහාම බලන් හිටියෙ හිස් හැඟීමකීන්. ඒ ඇස් වලින් නිමක් නැතුව කඳුලු ගලන් ගියේ අවුරුදු ගාණකට කලින් වුණ, මතක් කරන්න අකමැතිම සිදුවීම නැවත මතකෙට ආ නිසා.

මට පාළුයි ඔම්මා.

ඇදන් ඉන්න හුඩි එක ගලෝලා වම් පපුවට අත තියන ගමන් මිෂෙල් කිව්වේ කඳුලු වලට විරාමයක් නොදි.

ඔයා මෙහෙම හරි මන් ළඟ ඉන්න නිසා තමයි ඔම්මා මන් මෙහෙම හරි ජීවත් වෙන්නේ.

පපුව මිරිකන ගමන් මිෂෙල් කිව්වේ හදවතේ රිද්මෙට ඇහුන්කන් දෙමින්.

____

අවුරුදු දහකට කලින්. ඒ වෙනකොට මිෂෙල්ට අවුරුදු දහයයි.  මිසිස් කිම් එහෙමත් නැත්තම් ඉයුන්ජි මිෂෙල්ගේ ඔම්මා වගේම මිෂෙල් හිටියෙ මිස්ට ලීගෙ දුවගේ බර්ත්ඩෙ පාටියට ගිහින් එන ගමන්. ලීගෙ දුව ඒ කාලෙ මිෂෙල්ගේ හොඳම යෙහෙළිය.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now