🖤 64 🖤

202 42 23
                                    


උබ කොහෙද මේ උදෙන්ම යන්න ලැස්ති වෙන්නේ?

කෝපි කොප්පෙකුත් අරන් යුංගි ජන්කුක්ගෙ රූම් එකට යනකොටත් ජන්කුක් හිටියෙ කොහෙ හරි යන්න ලැස්ති වෙමින්.

ලීජන්ග් ගාවට!

මොකක්? උබ මොන එහෙකටද එහෙ යන්නෙ.

ඇදන් ඉන්න කලු ශ'ට් එකේ බොත්තන් දාන ජන්කුක් ළඟට ගිහින් යුංගි ඇහුවේ පුදුමෙන්.

මේ දේවල් විසඳ ගන්න ඕනේ සුගා. මට තවත් ලව් නැතුව ඉන්න බෑ!

ඒත් බන් උබ කොච්චර ලීජන්ග් ළඟට ගියත් ඌ කිසි දෙයක් මිෂෙල් ගැන කිව්වේ නෑ නෙ.

අද එයාට කියන්නම වෙනවා සුගා. මේ දේවල් අද මන් හොදින් හරි නරකින් හරි විසඳ ගන්නවා.

කේන්තියෙන් කිව්ව ජන්කුක් රූම් එකෙන් එලියට යන්න ගියත් යුංගි ගිහින් ජන්කුක්ගෙ මඟ හරස් කරා.

අයින් වෙයන්!

උබ මොකද්ද කරන්න හදන්නෙ ජන්කුක්?

හ්හා මන් අද කොහොම හරි ලීජන්ගෙ කටින් මගේ කෙල්ල ඉන්න තැන අහ ගන්න යන්නෙ සුගා. ආයින් වෙයන්. අද ඌ මට ඇත්තම කියයි!

යුංගිව තල්ලු කරපු ජන්කුක් වේගෙන් ජොන් මැන්ශන් එකෙන් එළියට බැස්සේ යුංගි කලබලෙන් හැරිට කෝල් කරණකොට.

📞 සුගා බොස්?

📞 දැන්ම ජන්කුක් පස්සෙන් පලයන්. ජන්කුක්ට කිසි කරදරයක් වෙන්නේ නැති වෙන්නේ පිටි පස්සෙන් ගාඩ් එක දියන්.

📞 දේ බොස්.

___________

මාම් අපි කොහෙද යන්නෙ?

කාමරේ ඇඳුම් බෑග් එකට ඇඳුම් පැක් කරන මිෂෙල් ළඟට ෂෙලි දුවන් ඇවිත් ඇහුවේ ඒ හිතේ ගොඩක් වෙලා තිබ්බ ප්‍රශ්නයක්.

අපි සෝල් යනවා ෂෙලි. ඔයාගෙ හරාබොජි බලන්න.

මිෂෙල් චුටි කෙල්ලගේ කම්බුලක් මිරිකළා කියනකොට ඒ මුණේ ඇඳුනේ ලස්සන හිනාවක්.

චින්චා? හරාබොජි බලන්න යනවා.

දේ ෂෙලි.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now