🖤 39 🖤

263 47 4
                                    


ගුඩ් මෝනින් අංකල්.

කිම් මැන්ශන් එක ඇතුලට එන ගමන් ජිමින් කිව්වේ උණු තේ කෝප්පයක් රස බලන ලීජන්ග්ට.

වෙරි ගුඩ් මෝනින් අදල්. එන්න ඉදගන්න.

තමන් ඉස්සරහා තියන හිස් පුටුව පෙන්නන ගමන් ලීජන්ග් කිව්වම හිනාවක් එක්කම ජිමින් ඇවිත් ලීජන්ග් ඉස්සරහින් ඉදගත්තා.

අංකල් මට කතා කරේ.

ඊට කලින් අදල් අපි මොනා හරි බිලා ඉමු.

ජිමින් හඩ අවදි කරත් ඈත තියාම ට්‍රේ එකක බිම වීදුරුවක් අරන් එන අජුම්මා දිහා බලන් ලීජන්ග් කියනකොට ජිමින් හිස වැනුවා.
.
.
.
.

අදල්!

විනාඩි ගාණක පැවතුන නිහඩියාව බිදිමින් ලීජන්ග් හඩ අවදි කරේ දැඩි ස්වරයකින්.

අංකල්?

අදල් දැන් ඔයාට එළියට එන්න කාලෙ හරි.

අ.අංකල්?

ලීජන්ග් කිව්ව දේ එක්ක කලබල වුණ ජිමින් ලීජන්ග් දිහා පුදුමෙන් බලනකොට ලීජන්ග් හුස්මක් පිටකරා.

මන් ඔයාව හංගන් හිටියෙ ජිමින් මිෂෙල් ඔයාගෙ ඇත්ත දැන ගන්නවට මන් අකමැති වුණ නිසා. දැන් ඒ හැමදෙම මිෂෙල් දැනන් ඉවරනේ!

අංකල් ඔයා කොහොමද---

මන් මිෂෙල්ගේ අප්පා ජිමින්! ඒ වගේම බ්ලැක් පැන්ත කියන්නනෙත් මන්! ඒක කොහොමද ඔයාට අමතක වුණේ ජේ!

ඉදන් ඉන්න පුටුවේ ඉදිරියට බර වෙමින් ලීජන්ග් නොක්කාඩු හඬකින් කියනකොට ජිමින්ට දැනුණේ අපහසුවක්. මොකද ලීජන්ග් දැනන් හිටියෙ නෑ තමන්ගෙ ඇත්ත මිෂෙල් දැන ගත්ත බවක්.

ම්. මට තේරෙන්නේ නෑ අංකල් මොනාද ඔයා කියන්නේ?

ඕකේ ජිමින් මන් මෙහෙම කියන්නම්කො. ඔයා ජේ කියන ඇත්ත මිෂෙල් දැන ගත්තා කියලා මන් දන්නවා වගේම ඔයා මිෂෙල්ට උදව් කරනවා කියලත් මන් දන්නවා ජිමින්!!!. 

ලීජන්ගෙ උස් හඩට ගැස්සුණ ජිමින් බර හුස්මක් පහත දැම්මා. 

අංකල්?

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now