🖤 26 🖤

323 43 5
                                    


මිෂෙල් හිටියෙ සෝෆා එක ළඟ බිම ඉඳගෙන. උකුළ උඩ ස්නැක් පැකට් එකකුත් තියන් කෙල්ල හිටියෙ එයා ආසම කාටුන් එක බල බල. තනියම හිනාවෙවි මිෂෙල් එයාගෙ කාලෙ ගත කරණකොට රූම් එකේ ඉදන් පහලට එන ගමන් හිටිය ජන්කුක් කෙල්ල දිහා බලන් හිටියෙ හිනාවෙවි.

මගෙ හුරතල් කෙල්ල.

තරප්පු පෙළ බහින අතර ජන්කුක් එයාටම මුමුණ ගත්තා. කලු ෂොට් කලිසමෙ සාක්කු දෙක ඇතුලට අත් දෙකත් දාගෙන ජන්කුක් ඇවිත් මිෂෙල් හෙත්තු වෙලා හිටිය සෝෆා එකෙන් ඉදගත්තේ ස්නැක් කකා ටිවී එක බලමින් හිටිය මිෂෙල් පිටිපස්ස හැරිලා කොල්ලා දිහා බලනකොට.

උඩුකය නිරුවතින් ඉන්න ජන්කුක් දිහා ටික වෙලාවක් බලන් හිටිය කෙල්ල ඉස්සරහා බලා ගත්තෙ රහසින් කෙල ගුලියක් ගිලින ගමන්.

' සෙක්සි.' තමන්ටම කියා ගත්ත මිෂෙල් යටි තොල දිවෙන් ලික් කරේ ජන්කුක්ගෙ පිරුණු පපුව මවා ගන්න ගමන්.

ලව්.

ඒත් එක්කම ජන්කුක් මිෂෙල්ට කතා කරණකොට කෙල්ල පිටිපස්ස නොහැරීම ඔලුව වැනුවේ ඇයි කියලා අහන්න.

මෙතනට එන්න.

තමන්ගෙ එහා පැත්තට තට්ටු දමමින් ජන්කුක් කියනකොට කෙල්ල ඒ දිහා බැලුවා.

ඇයි ඒ?

කිව්වම අහලා මෙතනට එන්න ලව්!

ජන්කුක් කියනකොට කටින් සද්දයක් දැම්ම මිෂෙල් ඉන්න තැනින් නැගිටලා ජන්කුක් ලගින් ඉද ගත්තෙ ජන්කුක් එයාගෙ ටැටු පිරුණු දකුණු අත මිෂෙල්ගේ ඉණ වටේ යවනකොට.

මාව අල්ලන්න එපා!

ජන්කුක්ගෙ අත කොනිත්තන ගමන් මිෂෙල් කියනකොට ජන්කුක් එක ඇහිබැමක් උස්සලා මිෂෙල් දිහා බලනකොට මිෂෙල්ගේ ඇසුත් ජන්කුක්ගෙ ඇස් එක්ක යා වුණා.

ජන්කුක්ගෙ බෝල ඇස් දිහා එක එල්ලේ බලන් හිටිය මිෂෙල් කොල්ලගේ ඇස් ගැඹුරින්ම කියවන්න පටන් ගත්තා. ඒ ඇස් තද කලු පාටයි ගැඹුරට යන්න යන්න ඒ ඇස් වල අතරමන් වෙනවා නියතයි. ඒත් මිෂෙල් අමුතු දිස්නයකින් දිලිසෙන ඒ කලු බෝල ඇස්වල ගැඹුරටම කිමිදුණා.

BLACK MASK <||JJK||> ON GOINGKde žijí příběhy. Začni objevovat