🖤 15 🖤

256 45 22
                                    

After one week 

දවසින් දවස දවස් හතක් ගෙවිලා ගියේ ගොඩක් වේගෙන්. අද හැමෝටම විශේෂ දවසක් වුණා. මුළු කිම් මන්දිරයම සුදු රතු රෝස මල් වලින් සරසලා. දකින හැමෝගෙම හිත් ඇදිලා යන තරම් කිම් මැදුර ලස්සනට සරසලා තිබ්බා.

මේ අතරෙ මිෂෙල්නම් හිටියෙ තමන්ගෙ කාමරේ බලාගත් අත බලාගෙන. වෙනදට එක විනාඩියක් එක තැන ඉන්නෙ නැති දඟ කෙල්ල අද එක තැනකට වෙලා ඉදිරියේ තියෙන කණ්ණාඩියෙන් තමන්ගෙ ප්‍රතිබිම්බය දිහා බලන් හිටියෙ හැඟීම් රහිතව.

ඔයා අද ගොඩක් ලස්සනයි මිස්. හරියට ප්‍රින්සස් කෙනෙක් වගේ.

තමන්ව මේකප් කරන තරුණිය කිව්වේ මිෂෙල්ගේ ඔලුව උඩින් ලස්සන ඔටුන්නක් තියන ගමන්.

ඔව් අද මිෂෙල් වෙනදට වඩා ගොඩක් ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් අද මිෂෙල් වෙනදට වඩා ගොඩක් ලස්සනයි. සිම්පල් මේකප් එක, සුදු පාටින්ම නිමවුණ මංගල ඇඳුම වගේම ඔළුවේ තිබුණ ඔටුන්නත් එක්ක මිෂෙල්ව පෙනුණේ රාජ කුමාරිකාවක් වගේ.

ඒත් තමන්ව මේකප් කරන තරුණිය තමන්ව වර්ණනා කරනකොට මිෂෙල් කරේ ඇස් රෝල් කරලා අහක බලාගත්ත එක.

හරි නම් අද වගේ දවසක් කියන්නේ හැම ගෑණු ළමයෙක්ටම විශේෂ දවසක් නේද??? ජීවිතේ අලුත් ආරම්භයක් නේද විවාහය කියන්නේ?. ඒත් මිෂෙල්ට නම් අද දවස එහෙම වුණේ නෑ. මිෂෙල් ගෙවුන දවස් හතේම හිතින් හිතුවෙ ""අනෙ කාලෙ නැවතුණානම්"" කියලා. ඒත් එහෙම වෙන්නේ නෑ නේද? මිෂෙල්ට එයාගෙ විවාහය දැනුණේ අපායක් හා සමානව.

එතකොටම වගේ කාමරේ දොර ඇරගෙන ආවෙ ජිමින්. කාමරේ දොර ගාව නැවතුණ ජිමින් තප්පර කීපයක් බලන් හිටියෙ තමන්ට පිටුපාලා ඉන්න එයාගෙ පණව. කොල්ලගේ ඇස් වලට කඳුලු පිරෙන්න මහාවෙලාවක් ගත වුණේ නෑ. තමන් ආදරේ කරන කෙල්ල වෙනකෙනෙක්ගෙ වෙනවා කොහොමද බලන් ඉන්නෙ. බෝනික්කියක් වගේ ලස්සන මිෂෙල් දිහා බලන් හිටිය ජිමින් ඇස් වල පොරකන කඳුලු වලට පිටතට එන්න නොදෙන්න සාර්ථක උත්සහයක් ගත්තා. අමාරුවෙන් මුණට ආරූඩ කර ගත්ත හිනාවක් එක්ක ජිමින් ලං වුණේ මිෂෙල් ළඟට.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now