🖤 24 🖤

356 45 6
                                    

මම යනවා ජන්කුක් බායි!!!

මොකද්ද තියන හදිස්සිය ආ?

ජන්කුක් මිෂෙල් දෙන්නා හිටියෙ කෙල්ලගේ යුනි එක ළඟ. ඊයෙ ජන්කුක්ගෙ පොරොන්දු පිට ජන්කුක් කෙල්ලව යුනි එක්කන් ආවා.

ජන්කුක් යුනි ගේට් එක ඉස්සරහා වාහනේ නැවත්තුව ගමන් මිෂෙල් හරි හදිස්සියෙන් වාහනෙන් බහින්න හැදුවත් ජන්කුක් කෙල්ලගේ අතින් අල්ල ගත්තෙ බහින්න නොදි.

ලෙච්චස් වලට පරක්කු වෙනවා මට.

කවදාවත් එක ලෙච්ච' එකකටවත් ඉන්නෙ නැති මිෂෙල් එහෙම කියනකොට ජන්කුක්ට හිනාවක් ගියා.

ඇයි හිනාවෙන්නේ?

මුකුත් නෑ ලව්. ඒක නෙමෙ මන් කියපු දේවල් මතකයි නේද හ්ම්ම්?

ජන්කුක් කෙල්ලගේ කම්බුලකට පහත් වෙලා ඒ සිනිදු කම්බුලකින් හාදුවක් තියන ගමන් අහනකොට කෙල්ල කරේ ඔලුව වැනුව එක. 

එක ලේච්ච' එකක්වත් කට් කරන්න එපා ලව්! ඔයාගෙ භාරකාරයා විදිහට මගේ නම මන් යුනි එකේ හෙඩ්ට දිලා තියෙන්නේ. ඔයා මොකක්ම හරි දෙයක් කරොත් එයාලා කතා කරන්නේ මට. ඕකෙ ලව්! හැබැයි එක පාරක් හරි ඔයාගෙ වැරැද්දක් කියලා මට යුනි එකෙන් කෝල් එකක් ආවොත්. එදාට ගෙදර නවතින්න බලන් ඉන්න ලව්.

ජන්කුක් කියන හැමදෙම ඔලුව බිමට බර කරන් මිෂෙල් අහන් හිටියෙ දුකින්.

' එයත් අප්පා වගෙමයි.' මිෂෙල් තමන්ගෙ හිතටම කියා ගත්තා. ජන්කුක් වගේම ලීජන්ග් තමන්ට නිති දාලා එක තැනකට කොටු කර ගන්න එක මිෂෙල් දැක්කෙ වෙනස්ම පැත්තකින්. ඒත් එයාලා ඒ විදිහට කෙල්ලට නිති දාලා කරන්නේ එයාව ආරක්ෂා කරන එක කියලා මිෂෙල්ට තෙරුණේ නෑ.

මන් ලෙච්චස් ඉවර වුණ ගමන් මෙතනට එනවා ලව්. දඟ කරන්නේ නැතුව හොඳ ළමයා වගේ වැඩ ටික කර ගන්න. මුරන්ඩු වැඩ නම් කරන්න එපා ලව් ඕකේ.

හැමදෙකටම ඔලුව වනන මිෂෙල් දිහා ජන්කුක් තප්පර ගාණක් බලන් ඉඳලා කෙල්ලව පපුවට තුරුල් කර ගත්තෙ මහා මෙරක් තරම් ආදරෙකින්.

සරන්හෙ ලව්.

මිෂෙල්ගේ හිස් මුදුනින් හාදුවක් තියන ගමන් ජන්කුක් කියලා කෙල්ලව අකමැත්තෙන් වුණත් ඈත් කරන්න වුණා.

BLACK MASK <||JJK||> ON GOINGKde žijí příběhy. Začni objevovat