🖤 17 🖤

253 40 2
                                    


උදේ ඇහැරුනු ජන්කුක්ට දකින්න පුළුවන් වුන්නේ එයාගෙ පපුවට ගුලි වෙලා පුස් පැටියෙක් වගේ නිදන් ඉන්න එයාගෙ චුටි වයිෆිව.

රෑ නිදාගන්නකොට ජන්කුක් මිෂෙල්ගේ පපුවට තුරුල් වෙලා නිදාගත්තත් දැන් මිෂෙල් හිටියෙ ජන්කුක්ගෙ විසල් පපුව අස්සෙ මුණ ඔබාගෙන සැප නින්දක. 

තමන්ගෙ බඳවටෙ එතිලා තියෙන මිෂෙල්ගේ අත් තද කරලා අල්ල ගත්ත ජන්කුක් නැවුණේ එයාගෙ පපුවට මුණ තද කරගෙන ඉන්න කෙල්ලගේ උල් වෙලා තියෙන චුටි ලිප්ස් වලට. ජන්කුක්ගෙ පිරුණු පපුවට කෙල්ලගේ කම්බුල් චප්පවෙලා තොල් උල් වෙලා තියන විදිය දැක්කම ජන්කුක්ට එයාගෙ හැඟීම් පාලනෙ කර ගන්න බැරිවුණා.

මිෂෙල් ඇහැරිලා ඉන්න වෙලාවට කරන්න බැරිම වැඩෙ එයා මේ මොහොතේ කරන්න හිතුවෙ උපරිම ප්‍රයෝජන අරගෙන. හිමින් තොල් වලට පහත් වුණ කොල්ලා ඒ හිනි තොල් මතින් තොල් තිබ්බෙ දිර්ඝ සිප ගැනීමකට වුණත් තමන්ගේ තොල් වල පහස දැනුණ කෙල්ල කෙදිරි ගාමින් නැගිටින්න හැදුවෙ ඒ ක්ෂණිකවම කොල්ලා කෙල්ලගෙන් ඈත් වෙනකොට.

ගුඩ් මෝනින් ලව්.

හිමින් හිමින් ඇස් අරින එයාගෙ චුටි වයිෆි දිහා බලන් ජන්කුක් කියනකොට හිමින් ඇස් අරිමින් හිටිය මිෂෙල් එක පාට්ට ඇස් ඇරියේ එයා දැන් ඉන්නෙ තනියම නෙමෙ කියලා මතක් වුණ නිසා.

මිස්ට ජොන්.

තමන් ඉන්නෙ ජන්කුක්ගෙ පපුවට තුරුල් වෙලා කියලා දැක්ක මිෂෙල් අකුණක් ගැහුවා වගේ නැගිටින්න හැදුවත් ඊට ඉස්සර වුණ ජන්කුක් කෙල්ලගේ හිනි ඉනවටා අත් යවලා එයාට තුරුල කර ගත්තා.

ම්.මාව අතාරින්න මිස්ට ජ්---

ජන්කුක්. මට ජන්කුක් කියලා කතාකරන්න ලව් එහෙමත් නැත්තම් ඔප්පා කියන්න.

මිෂෙල්ගේ ඉණෙන් අල්ලලා තමන්ට තද කරන ගමන් ජන්කුක් මුමුණනකොට කෙල්ල කරේ ඒ ඇස් දිහා බලන් හිටිය එක.

මන් ජන්කුක් කියලා කතා කරන්නම්. ඔප්පා කියලනම් කතා කරන්න බෑ.

ජන්කුක්ගෙ තුරුලෙන් අයින් වෙනගමන් කෙල්ල කිව්වත් එයාට ජන්කුක්ගෙ ග්‍රාහනෙන් මිදෙන එකනම් එච්චර ලෙසි වුණේ නෑ.

BLACK MASK <||JJK||> ON GOINGOpowieści tętniące życiem. Odkryj je teraz