🖤 32 🖤

244 44 7
                                    


යා මිෂි ඇයි ඔයා හොල් එකට ආවෙ? මන් චෙරි ගහා ළඟට වෙලා බලන් හිටියා ඔයා එනකන්!

හොල් එක ඇතුලේ අන්තිම පේලි දෙක තුනකට කලින් තියන පොලිමේ ඉදන් ඉන්න මිෂෙල් ළඟට ඇවිත් ජිමින් කෑ ගැහුවේ ඇතුලේ ඉන්න අනිත් ළමයින්ගෙත් අවධානේ එයාලට ගනිමින්. 

කටවහන් ඉන්නවද ජිමිනි!

මිෂෙල් නුරුස්සන බැල්මක් එක්ක ජිමින්ට කියනකොට හුසමක් පහත දාපු ජිමින් මිෂෙල් ලගින් ඉඳගත්තා.

මිෂෙල් මොකක් හරි ප්‍රරශ්ණයක්ද?

ජිමින් අහනකොට තප්පර ගාණක් ජිමින් දිහා බලන් හිටිය මිෂෙල් ඩෙස් එක මතින් ඔලුව තියා ගත්තා.

මිෂියා මොකද මේ?

මට ඇති වෙලා ජිමිනි! යුනි එක ඇතුලට ආව වෙළේ ඉදන් ළමයි මන් දිහා බලන් ඉන්නෙ අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ. ඊටත් පස්සෙ ගෘප් චැට් වල දාන මැසේජ් එක්ක මගේ මුළු ඔළුවම අවුල් වෙලා.

මෙසේ මතින් ඔලුව තියන්ම මිෂෙල් කියනකොට වටපිට බැලුව ජිමින් එයලා දිහා බලන් ඉන්න ළමයින්ට රැව්වේ ජිමින්ගේ රැවිල්ල එක්ක ඒ ළමයි තමන්ගෙ වැඩ වල යෙදෙනකොට. 

කූල් මිෂි! එයාලා ඊයෙ ඔයා ජන්කුක් එකට ඉන්න ෆෝටෝස් දැක්ක නිසයි එහෙම බලන්නෙ. ඔයා ඒව ගණන් ගන්න එපා ඕකේ.

මිෂෙල්ගේ ඔලුව අතගාන ගමන් ජිමින් කියනකොට මිෂෙල් මෙසේ ඔලුව තියන්ම ඔලුව උඩ පහළ කරලා 'හා' කියලා කිව්වා.
.

.

.

.

.

.

.

පැය ගාණක ලෙච්ච එකකින් පස්සෙ හම්බුන විවේක කාලෙ නිසා ජි-මිශි දෙන්නා කැෆ්ටෙරියා එකට ගියේ නිදහසේ ටිකක් කතා කරන්න වුණත්, කැෆ්ටෙරියා එකේ හිටිය ළමයි මිෂෙල් දිහා බලන් හිටියෙ අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ. ඒ වුණත් මිෂෙල් ඒ එක්කෙනෙක්වත් ගණන් නොගෙන ගිහින් ජිමින් එක්ක ඉඳ ගත්තෙ හුස්මක් පිඹින ගමන්.

Girl 1 - අර බලන්නකෝ අරයා ඉන්න විදිහ.

මෙසෙන් ඉදගත්ත මිෂෙල්ට ඇහුණේ එයාගෙ පිටිපස්සේ ඉදන් කෙනෙක් කතා කරන හඩ. කියපු දේ ලාවට වගේ ඇහුණත් ඒ තමන්ට නොවන නිසා මිෂෙල් ජිමින් එක්ක කතාවට වැටුණා.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now