🖤 11 🖤

253 45 4
                                    


MISHEL POV

මන් බලන් හිටියෙ මගේ ඉස්සරහා ඉදන් ඉන්න මනුස්සයා දිහා. මන් දිහා එක එල්ලේ බලන් ඉන්න මිස්ට ජොන්ව  දැක්කම මට අමුතු බයකුත් දැනුණේ ඒ බැල්ම නිසා.

දකුනු අත පිරෙන්නේ තියෙන ටැටුඑක, තොලෙත් ඇහිබැමෙත් තියන කරාබු, බෙල්ල ගාවට දිග කොන්ඩේ පිටිපස්සට කරලා දාලා තියන චුටි කොන්ඩේ දැක්කම මට මිස්ට ජොන්ව ගොඩක් හොට් විදියට පෙවුණා.

එයා ඉදන් ඉන්න විදිය කකුල් දෙකත් ඈත් කරගෙන, ඇදන් ඉන්න කලු ෂර්ට් එක වැලමිට ළඟට නවලා සොෆා එකට හේත්තුවෙලා ඉන්න එයාව දකින ඕන කෙනෙක්ගෙ හිත ඇදිලා යනවා.

ඊටත් වඩා මට එයාව මාෆියාකාරයෙන් වගේ තමා පෙවුණේ!.

ආශ්... මොනාද මිෂෙල් ඔයා මේ හිතන්නෙ. මාෆියාකාරයොත් එක්ක ඉඳලා තමුන්ට හැමෝම පෙන්නේ මාෆියාකාරයො වගේද ?

මන් මගේ හිතටම එහෙම කියාගෙන මිස්ට ජොන් දිහා හිනාවෙලා බැලුවේ. ඊයේ මාව බේර ගත්ත එකට ස්තුති කරන්න.

මිස්ට ජොන් ඇත්තටම ඔයා මාව ඊයේ බේර ගත්ත එකට කුමාවෝ. 

මන් හිනාවෙලා මිස්ට ජොන් එහෙම කිව්වත් ඒ මුණේ මෙච්චරවෙලා තිබ්බ හිනාව මැකිලා ගියේ ඒ ඇස් කලබලෙන් මගේ මුණ දිගේ අරන් යනකොට.

මන් වැරදි දෙයක්වත් කිව්වද? 

ඇත්තටම මිස්ට ජොන් ඔයා මාව බේර නොගත්තනම් මන්----

නෑ මිෂෙල්! ඔයාට මන් මුකුත් වෙන්න දෙන්නේ නෑ.අනික මන් කරේ මගේ යුතුකම.

මට මගේ වචන සම්පූර්ණ කරන්න නොදුන්න මිස්ට ජොන් එහෙම කිව්වෙ මන් ඒ දිහා පුදුමෙන් බලන් ඉන්නකොට.

යුතුකමක් ? ඒ මොකක්ද ?

මිස්ට ජොන් ඒක කොහොම්---

ඔයාට පුළුවන් මිෂෙල් මට මිස්ට ජොන් නොකියා ජන්කුක් කියන්න!

ආයිත් පාරක් මට මගේ වචන සම්පූර්ණ කරන්න නොදි මිස්ට්--- අනි ජන්කුක් කියනකොට මන් ඒ දිහා බැලුවේ පුදුමෙන්. මොකද ඒ වචන වලින් මට දැනුණේ අණ කිරිමක්.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now