🖤 67 🖤

272 42 8
                                    


AFTER THREE DAYS.

දවස් තුනක් ගෙවිලා ගියා. ලීජන්ගෙ මරණෙ අවසන් කටයුතු නිමවෙලා අදට දවස් තුනයි. ලීජන්ගෙ මරනෙට ජන්කුක් පැටලෙනකොට මිෂෙල්ගෙ හිතේ ජන්කුක් ගැන තියන තරහා දවසින් දවස වැඩි වුණේ ඒ දුකින් මිරිකෙන හිත ජන්කුක් වෙනුවෙන් වෛරයෙන් මත් වෙනකොට.

ලීජන්ගෙ මරණෙ ඔහු ළඟ හිටිය හැම කෙනාගේම දුකට කාරණයක් වෙනකොට, ලීජන්ගෙ මරණෙ ඔහුගෙ තැන ගන්න මාන බලමින් හිටි ගොඩක් අයගෙ සතුටට කාරණයක් වුණා.

බිස්නස් ලෝකේ වගේම මාෆියා ලොකෙත් ගොඩක් අය බලාපොරොත්තු වුණේ ලීජන්ගෙ නැති වීම! ව්‍යාපර ලෝකය වගේම,පාතාල ලෝකයත් හෙල්ලු එක නායකයෙක් තමා ලීජන්ග් කියන්නේ. පාතාල රජුට දෙවනි වුණ එකම කෙනා!

මිෂෙල් හිටියෙ එයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න ෂෙලිගෙ ඔලුව අතගාන ගමන්. රාත්‍රි දහය යනුවෙන් ඔරලෝසුවෙ සටහන් වෙලා තිබුණත් මිෂෙල් හිටියෙ නොනින්දක.

බුසාන් වල ඉදන් මිෂෙල් සෝල් ආවෙ ගොඩක් ලොකු සතුටකින්. අවුරුදු හයක් තිස්සේ නොදැක්ක අප්පව බලන්න මිෂෙල් ගොඩක් ආස කරා. ඒත් ඒ ඇස් වලට දකින්න පුළුවන් වුණේ කාමරේ ලේ පෙරාගෙන වැටිලා හිටිය තමන්ගෙ අප්පගේ පණ සිදුණු ශරීරෙ.

ගෙවුන හැම රැයකම ලීජන්ගෙ ලේ වලින් වැහුන මුණ මතක් වෙන සැරයක් ගානේ මිෂෙල් හිනෙන් බය වුණා. ඒ ඇස් වලට ගෙව්න දවස් තුනෙ විවේකයක් තිබ්බෙ නෑ. එක වෙලාවකට කෙල්ල හිටියෙ කල්පනාවක, තවත් වෙලාවකට කෙල්ල හිටියේ අඩමින් රෑ නින්දට ගියත් මිෂෙල්ට නින්දක් තිබ්බෙ නෑ.

පහු ගිය දවස් තුනට මිෂෙල් ගොඩක් දුර්වල වෙලා. ලීජන්ගෙ මරණෙ එක්ක මිෂෙල් ගොඩක් මානසිකව දුර්වල වෙලා හිටියෙ. ඒ එයාට ෂෙලීට පස්සෙ මේ ලෝකේ හිටිය එකම නෑදෑයා.

අදත් මිෂෙල් නොනින්දක. චුටි කෙල්ලගේ ඔලුව අතගාමින් හිටිය මිෂෙල් කල්පනාව බිදිමින් කාමරේ ඇතුලට ආවෙ ජිමින්.

ජිමිනි.

නිදි නැද්ද මිෂි?

ජිමින් ටයි පටිය බුරුල් කරමින් ලං වුණේ මිෂෙල් ළඟට. කොල්ලා තාම හිටියෙ ඔෆිස් කිට් එක පිටින්. ලීජන්ගෙ මරණෙත් එක්ක ජිමින්ගේ කර පිටට හැම බරක්ම කඩන් වැටුණත් කොල්ලා ඒ හැමදෙම සතුටින් බාර ගත්තෙ ලීජන්ග් කියන්නේ එයාගෙ අප්පා හා සමාන වුණ නිසා.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now