🖤 18 🖤

283 43 9
                                    


ල්.ලව්.

තමන්ගෙ පිටිපස්සේ ඉන්න මිෂෙල්ව දැක්කම ජන්කුක්ගෙ මුළු ඇගම වෙව්ලිලා ගියා. ඔව් කොල්ලා බය වුණා තමන් යුංගි එක්ක කතා කරපු දේවල් කෙල්ලට ඇහුණදෝ කියලා කොල්ලගේ හිත කෑ ගැහුවා.

ඔයා.?

තමන් දිහා තාමත් බලන් ඉන්න මිෂෙල් ළඟට කොල්ල අඩි තිබ්බෙ එයාගෙ හිත කිව්ව දේ ඇත්ත වෙන්න එපා කියලා කියමින්.

ලව් ඕ.ඔයාට----

ආශ් මොකද ගොත ගහන්නෙ ආ!!!. ඒක නෙමෙ ජන්කුක් ඔයා මාව මුහුද බලන්න එක්කන් යනවද?

මුල ටික කෑ ගහලා කිව්ව මිෂෙල් අන්තිම ටික හොර පුසියෙක් වගේ බිම බලන් කිව්වේ මෙච්චර වෙලා බයෙන් ගැහි ගැහි හිටපු ජන්කුක් යථාතත්වෙට ගෙනෙමින්.

ම්. මොකද්ද කිව්වේ?

ප්ලිස් ජන්කුක් මාව එළියට එක්කන් යන්නකෝ.

මිෂෙල් පොඩි දරුවෙක් වගේ ජන්කුක්ගෙ අතකින් අල්ලගත්තෙ කොල්ලගේ මුණට හිනාවක් ගෙන්වමින්.

ලව් මන් මේ අහන්නෙ ඔයාට දැන් මන් කතා කරපු දේවල් ඇහුණද?

කතා කරපු දේවල්? මොනාද? කාත් එක්කද?

ජන්කුක් බෙල්ල පිටිපස්ස කසන ගමන් අහනකොට කෙල්ල කොල්ලා දිහා බලන් හිටියෙ මුට මොන යකා වැහිලද වගේ ලුක් එකකින්.

ආහ් මෙ මුකුත් නෑ. දැන් මොකද්ද ඔයා මට කිව්වේ ලව්.?

තාමත් තමන්ගෙ අත අල්ලන් ඉන්න චුටි කෙල්ල දිහා බලන් ජන්කුක් අහනකොට මිෂෙල් ආයිමත් කියුට් ලුක් එකක් ගත්තෙ එයාගෙ හස්බන්ව වශීකර ගන්න හිතාගෙන.

අපි මුහුද බලන්න යමුද?

මුහුද?

දේ බෑ කියන්න එපා චේබල්.

ඇසුත් ලොකු කරගෙන පුළුවන් තරම් කියුට් මුණක් හදන් මිෂෙල් කියනකොට ඒ කියුට් මුණ දිහා බලන් ජන්කුක්ට බෑ කියන්න පුළුවන් කමක් නෑ. අනික එයාට කෙල්ලව එක්කන් නොයන්න හේතුවක් තිබ්බෙත් නෑ.

ඕකේ අපි යමු ලව්.

කෙල්ලගේ කම්බුලට කිස් එකක් දෙන ගමන් ජන්කුක් කියනකොට මිෂෙල්ගේ ඉහේ මලක් පිපුණා වගේ වුණා.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now