🖤 59 🖤

233 40 15
                                    


ජි-මිශි දෙන්නා ඒ සීතල රාත්‍රියේ උණුසුම් හාදුවක කිමිදෙනකොට ජන්කුක් හිටියෙ ඒ සීතල රාත්‍රියේ මත් වතුරෙන් උණුසුම් වෙමින්.

ඔයා කෝ ලව්. ම්.මට ඔයාව ඕ.ඕනේ. ම.මගේ හැඟීම් බෙදා ගන්න ඔයාව මට ඕනේ ලව්. චේබල් මන් ළඟට එන්න ලව්. ඔයාගෙ පපුව උඩ මට ඔලුව තියා ගන්න ඕනේ. මට අඬන්න ඕනේ ලව්. ඔයා කෝ?

බැල්කනි එකේ බිම ඉඳගෙන උඩට ඇඳුමක්වත් නැතුව ජන්කුක් හිටියෙ වොඩ්කා බෝතල් හතර වටෙන් වට කරගෙන.

එන්න එන්න වොඩ්කා වලට මත් වුණ ජන්කුක්ගෙ ඇස් වලින් කඳුලු ගලන් ගියේ නොනවත්වමයි. බැල්කනි එකේ බිම ඉදන් හිටිය ජන්කුක් හිස්ව තියන වොඩ්කා බෝතල් වලට අමතරව තවත් බෝතලයක් අතට ගත්තෙ හැම රැයකම වගේ නැගිට ගන්නවත් බැරි වෙන්න මත් වෙන්න.

අවුරුදු හයක් ගෙවිලා ගියේ ජන්කුක්ගෙ මුළු ජීවිතේම කන පිට හරවමින්. හැම රෑකම මිෂෙල්ගේ අඩුව දැනෙනකොට ජන්කුක් පුරුදු වුණා ඒ හැමදෙම අමතක කරන්න මත් වතුර ප්‍රයොජන ගන්න. ඒත් ඒ දෙයින් වුණේ මිෂෙල් නැති අඩුව ජන්කුක්ට ගොඩක් තදින් දැනුණ එක විතරයි. 

ගෙවිච්ච අවුරුදු හයේ ජන්කුක්ගෙ රූපේ වගේම ගති ගුණ පවා ගොඩක් වෙනස් වුණා. එන්න එන්න ඒ ශක්තිමත් ශරීරේ තව තවත් පිරිපුන් වුණේ අවුරුදු හතලිස් එකක් වුණ ජන්කුක්ගෙ වයස එක ඉලක්කමක් පමණක් වෙනකොට. දකුණු අත දිගේ තිබ්බ ටැටු එක බෙල්ල ළඟට වෙනකන් දික් වුණ නිසා ඒ කඩවසම් රුව තවත් සරාගි වුණා.

 දකුණු අත දිගේ තිබ්බ ටැටු එක බෙල්ල ළඟට වෙනකන් දික් වුණ නිසා ඒ කඩවසම් රුව තවත් සරාගි වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට ජන්කුක්ගෙ ගති ගුණ,

ඒ ගැන කතා නොකර ඉමු. ජන්කුක් කියන්නේ දැන් ලේ පිපාසිත රාක්ෂයෙක් කිවුවොත් මන් නිවරදී. එක මොහොතක් ලේ නොදැක ඉන්න බැරි තරමටම බ්ලැක් මාස්ක් කියන පාතාල නායකයා වියරු මිනීමරුවෙක් වෙලා!!!

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now