🖤 19 🖤

278 41 10
                                    


ලීජන්ග් හිටියෙ කිම් මැදුරේ වෙනම හදලා තිබුණ එයාගෙ වදකාගාරෙ. අඳුරු පොඩි බලු කූඩු වගේ හිරකූඩු වලින් සමන්විත වුණ ඒ විශාල කුටිය දකින ඕනම කෙනෙකුගේ හිත් බයකරනවා. සාමාන්‍යයෙන් ලීජන්ග් වදකාගාරෙට ගියේ ගොඩක් අඩුවෙන්. විශේෂම දෙකට ඇර ඔහු ඒ වෙත ගියේ නෑ. ඒකට විශේෂම හේතුව වුණේ මිෂෙල්.

කවුද කියපන් උබව එව්වෙ?

කණුවක ගැටගහලා හිටිය තරුණයෙකුට ලීජන්ග් වේගෙන් කම්බුල් පහරක් එල්ලේ කරේ ගැටගසා සිටි තරුණයගෙ කටින් ලේ විසුවෙනකොට.ලිජන්ගෙ---- අනි බ්ලැක් පැන්තගෙන් ලැබෙන සැර පහරවල් නිසා තරුණයා හිටියෙ හොදටම හෙම්බත්වෙලා.

ආශ් කියපන් පො**යො උබ කාගෙ බල්ලෙක්ද?

වියරුවෙන් කෑ ගහන ගමන් බ්ලැක් පැන්ත බෙල්ලත් පහලට කඩන් වැටිලා අසියෙන් ඉන්න තරුණයට තව පහරක් එල්ල කරා. භාගයක් නිරුවතින් වගේම ඇගේ තියන තුවාල කැලල් එක්ක තරුණයා ගොඩක් විරූපිව පෙනුණා. බ්ලැක් පැන්තගෙන් එක දිගටම හම්බෙන පහරවල් නිසා තරුණයාගෙ මුහුණ ලේ වලින් නැහැවිලා තිබුණා.

ආහ්!!! මේ බල්ලට වතුර එකක් ගහපන් වී!!!!

බ්ලැක් පැන්ත ළඟම තිබ්බ බැරල් එකකට පයින් ගහන ගමන් කෑ ගහනකොට ඒ ලගින්ම හිටන් හිටපු වී එහෙමත් නැත්තම් ටේහියුන් වතුර බාල්දියක් අරන් ආවා.

මිෂෙල්ගේ බොඩිගාඩ් ටේහියුන් වුණාට මාෆියා ලෝකේ V කියන්නේ බ්ලැක් පැන්තගෙ දකුණු අත.

වී ගැහුව වතුර එක නිසා තරුණයා කැස්සක් එක්ක ඇස් හිමින් ඇරියේ කෙදිරිගාන ගමන්.

දැන්වත් කියපන් උබෙ මහා එකා කවුද කියලා?

තරුණයගෙ ඉස්සරහින් පුටුවක් තියලා බ්ලැක් පැන්ත ඉඳගන්න ගමන් ඇහුවේ තමන්ව උපරිමෙන් පාලනේ කර ගන්න ගමන්.

ම්. මන් දන්නේ නෑ. ම්.මාව අතාරින්න.

තරුණයා බ්ලැක් පැන්ත ඉදිරියේ තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් බැගැපත් වුණා.

හ්හා අතාරින්න? අතාරින්න තිබ්බා තොපිලා මගේ දරුවා ගැන හොයන්නෙ නැතුව හිටියනම්!!!! උබ දන්නවද ඒ මගේ පණ යකෝ!!! ඇයි කියපන් උබ මගේ දරුවා ගැන හෙව්වෙ ආ කියපන් පො**යො!!!! උඹෙ මහා එකා කවුද????

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now