🖤 22 🖤

294 48 22
                                    


ලව්!!!

පඩිපෙල් වේගෙන් බැහැගෙන එන ජන්කුක් දිහා අජුම්මා බලන් හිටියෙ බයෙන්. අවුරුදු ගාණක් තිස්සේ ජන්කුක් ළඟ වැඩ කරන අජුම්මට ජන්කුක්ගෙ මුණේ තියන කේන්තිය අඳුන ගන්න අමාරු වුණේ නෑ. ඒත් මිෂෙල් නම් හිටියෙ ජන්කුක්ව ගණන් නොගෙන. 

මොකද කරන්නේ ආ?? 

ජන්කුක් ටිකක් උස් හඩින් කතා කරණකොට මිෂෙල් කරේ අහක බලාගත්ත එක. ඒකෙන් වුණේ ජන්කුක් තරහා තවත් වැඩි වුණ එක. මේ දිහා පිටිපස්සට වෙලා බලන් හිටිය යුංගිටත් ජන්කුක් හැසිරීම ප්‍රෙහෙලිකාවක් වෙනකොට. කවුරුත් හිතුවෙ නැති විදිහට ජන්කුක් මිෂෙල්ව අත් අතරට ගත්තෙ කෙල්ලගේ විරෝධය මැදමයි.

මෙ මොන කොලමක්ද? මාව බිමින් තියනවා!!! ආශ් තමුන්ට ඇහෙන්නෙ නැද්ද ? මාව බිමින් තියනවා ජන්කුක්!!!

මිෂෙල් කොච්චර කෑ ගැහුවත් ජන්කුක් මිෂෙල්ව රූම් එකට ගෙනියනකන් අත ඇරියේ නෑ.  

යුංගි මහත්තයා?

ජන්කුක් යන දිහා බයෙන් බලන් හිටිය අජුම්මා යුංගි දිහා බයවුණ මුණක් එක්ක බලනකොට යුංගි කරේ අජුම්මා දිහා බලලා හිනාවුණ එක.

කලබල වෙන්න එපා අජුම්මා. ජන්කුක් මිෂෙල්ට මුකුත් කරන්නේ නෑ.

හිනාවක් එක්ක උත්තර දුන්න යුංගි ගෙදරින් එළියට යනකොට තවත් ජන්කුක්ගෙ හැසිරීම ගැන බයෙන් හිටිය අජුම්මා උස්මක් පහත හෙළලා කිචන් එකට ගියේ ජන්කුක් අතින් මිෂෙල්ට කරදරයක් වෙන්න එපා කියලා හිතෙන් හිතන ගමන්.

මිෂෙල්ව උස්සගෙන ආව ජන්කුක් බෙඩ් එක උඩින් කෙල්ලව තිබ්බෙ ජන්කුක් මිෂෙල් ඉස්සරහා දණගහ ගන්නකොට. 

ලව්

මොකද?

කෙන්තිය යටපත් කරගෙන ජන්කුක් මිෂෙල් ඉසරහා දණ නමන් අහනකොට කොල්ලා එක්ක ඔරෝප්පුවෙන් හිටිය කෙල්ල ඇස් හිනි කරලා කොල්ලට රවන ගමන් ඇහුවේ ඒ බැල්මට ජන්කුක්ගෙ මුණේ සිහින් හිනාවක් ඇදෙනකොට. 

අනිත් දවසේ මේ වගේ ඇඳුම් ඇදන් පහලට එන්න එපා ලව්.  මේ ගෙදර ඔයාගෙ ගෙදර වගේ නෙමෙනෙ මයි ලව්. 

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now