🖤 40 🖤

260 41 18
                                    


දවස් දෙකක් ගෙවිලා ගියෙ මිෂෙල් ජන්කුක් බුසාන් වල ඉන්න අන්තිම දවසත් සනිටුහන් කරමින්.

ගිය දවස් දෙකේ කුක්-මිශි දෙන්නා ගොඩක් විනෝද වුණා. මිශෙල් කැමති හැම තැනකම ජන්කුක් කෙල්ලව එක්කන් ගියා. මිෂෙල් ගොඩක් සතුටින් හිටියෙ එයාට ලැබුණේ නැති නිදහස ජන්කුක් උපරිමෙන්ම දෙන නිසා. මිෂෙල් හිතේ ජන්කුක් ගැන තියන ආදරේ එන්න එන්න වැඩි වෙන්න හේතු වුණ පලවෙනි කාරනෙත් එක වුණා. මිෂෙල් වුණත් ජන්කුක් ලගින් හැම වෙලාවෙම හිටියා. මිෂෙල්ට තෙරුණ දෙයක් තමයි ජන්කුක් එයාගෙ ගොඩක් ආදරේ බලාපොරොත්තුවෙන බව. ඉතින් මිෂෙල් අඩුවක් නැතුව ඒ පිරිමි හිතට මහා මෙරක් තරම් ආදරේ දුන්නා.

ගෙවුන දවස් දෙකෙ තුල ජන්කුක් හිටියෙත් ගොඩක් සතුටින්. පලවෙනි දේ මිෂෙල් එක්ක ජන්කුක් ඒ විදිහට ඉන්න ආස කරපු එක, දෙවනි දේ තමන්ගෙ අම්මගෙ මතකයන් එක්ක ආයිමත් පොඩි කාලෙ ආදරනිය මතකයන් වලට යන්න පුළුවන් වුණ එක.

ඒත් ඒ හැමදෙකින්ම ජන්කුක්ගෙ හිතට ගෙනාවේ සතුටක් විතරමද?

මිෂෙල් එක්ක කොච්චර සතුටින් හිටියත් ජන්කුක් හිත ඇතුලෙන් හිටියෙ කලබලෙන්. ඒ හිත ගොඩක් නොසන්සුන්. කොයිවෙළේ තමන්ගෙ ඇත්ත ඇය දැන ගනිද? ජන්කුක්ගෙ නිදි නැති රැයවල් ගොඩක් මිෂෙල් වෙනුවෙන් වැය කරා ඒ ගැන හිතමින්.

එතකොට තමන්ගෙ අම්මා,
ජන්ග්හි ළඟ නැති වුණත් තමන්ගෙ අම්මගෙ මතකයන් එක්ක මොන දරුවද තනිවෙන්න අකමැති! ඒත් දැන් ජන්කුක් ළඟ එයාගෙ අම්මා නෑ. ජන්කුක් මොහොතක් කල්පනා කරා ජන්ග්හි කියන්නේ ජන්කුක්ගෙ මුළු ලෝකේම. ජන්ග්හි ජන්කුකව දාලා යනකොට ජන්කුක් කියන්නෙ පොඩි ළමයෙක්. ඒ වුණත් ජන්කුක් තමන්ටම වරද පටව ගත්තෙ තමන්ගෙ අම්මා ගැන පොඩ්ඩක් හරි හොයලා බලන්න බැරි වුණ එකට. එහෙම වුණා නම් සමහරවිට තමන්ගෙ අම්මා මේ වෙනකන් තමන් ළඟ ඉන්න ඉඩ තියන බව ජන්කුක්ට තෙරුණා.

ජන්කුක් හරිද? අපි හිතන දේවල් ඒ විදිහටම වෙනවද?

අපෙ ඉරණම තිරණේ කරන්නේ අපෙ දෛවය නෙමෙ ද?

යන්න ඉන්න කෙනා මොන දේ වුණත් යනවා! ඒක අපිට නවත්තන්න බෑ!

ජන්කුක් හැමදෙම දිහා බලන පැත්ත ගොඩක් සංකීර්ණ වුණත් එයාගෙ ආදරනියන් දිහා ජන්කුක් බලන පැත්ත ගොඩක් බොළඳ වුණා!

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now