🖤 56 🖤

341 44 5
                                    


AFTER FIVE DAYS.

දවසින් දවස දවස් පහක් ගෙවිලා ගියේ පුදුම තරම් වේගෙකින්. එන්න එන්න ජන්කුක් මිෂෙල්වත් අරන් ඇමරිකාවට යන දවසුත් ඉක්මනටම ළඟා වෙමින් තිබුණා.

මේ අතර මිෂෙල් හිටියෙ උදේ ජන්කුක් යුංගි එක්ක කතා වුණ කතා බහා මතක් කරමින්.

ඒ කියන්නේ අද රෑට ජන්කුක් ගෙදර නෑ.

ජන්කුක් යුංගි කතා වුණ දේවල් ආයෙ ආයෙ මතක් කරමින් මිෂෙල් රුම් එක ඇතුලේ එහාට මෙහාට ඇවිද්දේ ගෙදරින් පැනලා යන්න විදිහක් මතක් කරමින්.

අද රෑ ජන්කුක් වගේම යුංගි අන්තිම වතාවට එයාලගෙ ඩ්‍රග්ස් ඩිල් එකට යන්න කතා වුණේ දවස් දෙකකින් ජන්කුක් කිව්ව විදිහටම මාෆියාව නවත්තන නිසා.

මොකද කරන්නේ? කාගෙන්ද උදව් ගන්නෙ? ෆෝන් එකත් අර මෝඩ මිනිහා ළඟ! ආශ්!!! ජන්කුක්ගෙ ෆෝන් එක උස්සන්න තමා තියෙන්නේ! ඒත් කෝ මේ මිනිහා!!!

කෙන්තියෙන් ඇවිදින ගමන් මිෂෙල් ජන්කුක්ට බනින්න පටන් ගත්තෙ උදේ දැක්කට පස්සෙ ජන්කුක්ව දැක්කෙ නැති නිසා.

ආව කියමුකො ඒත් ෆෝන් එක ගන්නෙ කොහොමද? මාව අහුවුණොත් දවසක්වත් ඉන්නෙ නැතුව එක්කන් යයි.

ඔළුවත් අල්ලගෙන ඇඳෙන් ඉදාගත්ත කෙල්ල එහෙන්මම ඇද උඩට වැටුණේ ඇස් දෙකත් තදින් පියාගෙන. ඒ එක්කම රූම් එකට ආව ජන්කුක් බලන් හිටියෙ ඇද උඩ එහාට මෙහාට පෙරළෙන කෙල්ල දිහ. මිෂෙල්ගෙ හුරතල් වැඩ වලට හිනාවුණ කොල්ලා කෙල්ල ළඟට ලං වුණත් ඇස් පියන් ඉන්න මිෂෙල්ට දැනුණේ නෑ ජන්කුක් ළඟට ආව බවක්.

ලව්.

ගැඹුරු හඩක් එක්ක ජන්කුක් කතා කරනකොට ගැස්සුණ කෙල්ල කොල්ලා දිහා බැලුවේ ඇසුත් ලොකු කරගෙන.

මොකද මේ ආ? කිරි පණුගායද?

හිනාවෙවි කෙල්ල ලගින් ඉද ගන්න ගමන් කොල්ලා අහනකොට කෙල්ල කරේ අහක බලන් කොල්ලට රැව්ව එක.

' මූ මගෙන් අහගන්න තමා දැන් හදන්නෙ? කිරි පණු ගාය!. මන් කියන්නේ නෑ හොතම්බුවට මොන ගායද කියලා.' කෙල්ල හිතෙන් කොල්ලට බනිනකොට ඉන්න තැනින් නැගිට්ට කොල්ලා කෙල්ලගේ අතින් අල්ල ගත්තෙ කෙල්ල කොල්ලා දිහා 'තොට පිස්සුද වගෙ' ලුක් එකකින් බලන් ඉන්නකොට.

BLACK MASK <||JJK||> ON GOINGKde žijí příběhy. Začni objevovat