🖤 08 🖤

242 44 2
                                    


එක පාට්ට ඇහුණ සද්දේ නිසා ෆෝන් එක අතේ තියන් හිටිය ජිමින් ගැස්සිලා ගියේ සද්දේ ආපු පැත්තට මිනිස්සු වටවෙනවා දැකලා. ෆෝන් එක සාක්කුවට දාගත්ත ජිමින් පාර පැත්තට ඉක්මන් අඩි තියන්න පටන් ගත්තෙ අයිස් ක්‍රීම් ගෙන්න ගිය මිෂෙල් තාම ආපු නැති නිසා වගේම කෙල්ල අයිස් ක්‍රීම් ගෙන්න ගිය කඩේ ළඟ මිනිස්සු වට වෙලා ඉන්නවා දැකලා.

එන්න එන්න ලං වෙනකොට දැනුණ මුසල හැඟීම නිසා ජිමින් මිනිස්සු වටවෙලා ඉන්න තැනට දුවලා ගියේ කෙල්ලවත් ඒ අතර මග හොයන ගමන්.

~ මොකක්ද වුණේ ~

~  අනෙ මන්දා මේ කෙල්ල පාර මැද හිටන්නෙ හිටියේ ~

~ මෙහෙම ඉඳලා හරි යන්නේ නෑ අර කෙනාව හොස්පිටල් අරන් යන්න වෙයි ~

එතන ඉන්න මිනිස්සුන්ගෙ කතා ඇහෙනකොට කලබල වුණ ජිමින් වට කරන් ඉන්න අයවත් තල්ලු කරගෙන ගියේ වෙලා තියන දේ බලන්න.

අයින්ට වෙනවා!

වටවෙලා ඉන්න මිනිස්සුන්ව තල්ලු කරන් ඉස්සරහට ගිය කොල්ලා දැක්කෙ එයා කවදාවත් බලාපොරොත්තු වුණදෙයක් නෙමෙ. 
.

.

.

.

.

.

.

.

.

මිෂි!!!

බිම වැටිලා ඉන්න කෙල්ල ළඟට දුවලා ගිය කොල්ලා එහෙන්මම නතර වුණේ මිශෙල්ව බදන් ඉන්න කොල්ලව දැකලා.

ලව් ඇස් වහන්න එපා. චේබල් ඇස් ඇරන්ම ඉන්න.

මිෂෙල්ව තුරුලු කරන් ඉන්න කොල්ලා දිහා ඇස් පිල්ලමක්වත් නොගහා බලන් හිටිය ජිමින් පියවි සිහියට ආවෙ එයා ලගින් ආපු නුපුරුදු කටහඬට.

මොනාද බලන් ඉන්නෙ එයාව හොස්පිටල් එක්කන් යන්න.

වටවෙලා ඉන්න මිනිස්සු අතරින් කෙනෙක් එහෙම කියනකොට කලබලෙන් ඔළුව වැනුව කොල්ලා ගියේ එයාගෙ වාහනේ අරන් එන්න. මිෂෙල් වගේම ජිමිනුත් ආවෙ ජිමින්ගේ වාහනේ නිසා කොල්ලට වාහන හොයන්න මහන්සි වෙන්න ඕන වුණේ නෑ.

BLACK MASK <||JJK||> ON GOINGTempat cerita menjadi hidup. Temukan sekarang