🖤 35 🖤

262 41 17
                                    


මිෂෙල්ව තුරුල් කරන් නින්දක හිටිය ජන්කුක් ගැස්සිලා නැගිටින්නේ එයාගෙ එහා පැත්තෙ තියන ෆෝන් එක වයිබ්‍රෙට් වුණ නිසා. තමන්ගෙ පපුව මුණ හේත්තු කරන් ඉන්න මිෂෙල්ව ඈත් නොකරම ජන්කුක් අත ටිකක් දිග ඇරලා ෆෝන් එක අතට ගත්තෙ කෙල්ලගේ ඉණවටෙ තියන අත ටිකකට අයින් කරන ගමන්.

📞 කියන්න සූහො. 

ෆෝන් ස්ක්‍රින් එකේ තිබ්බ නම දැකපු ජන්කුක් කෝල් එක නොගා බැරිකමට කෝල් එක ආන්සර් කරේ එයාගෙ එහා පැත්තෙ පුස් පැටියෙක් වගේ නිදන් ඉන්න මිෂෙල්ට ඇහැරෙන්නෙ නැතිවෙන්න.

📞 සර් ඔෆිස් එකට එන්නෙ නැද්ද? තව පැයකින් මිස්ට ලී එක්ක මිටින් එකක් තියෙනවා.

📞 මන් කිව්වනේ සූහො අද මුළු ශේඩියුල් එකම ක්ලින් කරන්න කියලා!

සූහො කිව්ව දේ එක්ක තරහා ගිය ජන්කුක් වචන ගැඹුරු කරලා හඩ අඩු කරලා කතා කරෙ මිෂෙල්ගෙ නින්දට කරදරයක් නොවෙන්න.

📞 ඒත් සර් මේ මිටින් එක ගොඩක් ඉම්පොට්න්. අලුතෙන් හදන එපාට්මන්ට් එක නිසා මිස්ට ලී එක්ක තියන මිටින් එක කැන්සල් කරන්න බෑ සර්. 

📞 ආශ්. හරි මන් එන්නම්!

මිෂෙල්ව එහාට කරන ගමන් ඇදේ මුණින් අතට දිගා වුණ ජන්කුක් ඇගිලි දෙකකින් නලල තෙරප ගත්තෙ කේන්තිය පාලනේ කර ගන්න.

මොකද ජන්කුක් හිතන් හිටියෙ මුළු දවසම මිෂෙල් එක්ක ඉන්න!

ජන්කුක්ගෙ හඩ හිනෙන් වගේ ඇහෙනකොට මිෂෙල් ඇහැරුනත් කොල්ලා සූහෝ එක්ක කතා කරන හැමදෙම මිෂෙල් අහන් හිටියෙ. අන්තිමට ජන්කුක් තරහෙන් කෝල් එක කට් කරණකොට මිෂෙල්ගේ හිනි අත් ජන්කුක්ගෙ ඉණවටා එතුණේ කේන්තියෙන් හිටිය ජන්කුක්ගෙ ඇස් මිෂෙල් දිහාට හැරෙනකොට.

ලව් ඇහැරුනද?

හ්ම්ම්. 

කොල්ලගේ ඉණවටා අත් යවලා කොල්ලගේ පපුව උඩින් ඔලුව තියා ගන්න ගමන් මිෂෙල් උත්තර දෙනකොට ජන්කුක්ගෙ අත් මිෂෙල් ඇදන් ඉන්න ශ'ට් එක යටින් කෙල්ලගේ පිට දිගේ ගොඩල මෘදුව එහා මෙහා ගියා.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now