🖤 68 🖤

211 44 10
                                    


යුංගි ගියාට පස්සෙ ඉන්න තැනින් ජන්කුක් නැගිටලා ගියේ දැනටමත බිම වැටිලා තියන ටේබල් ලෑම්ප් එක ළඟට ටේබල් එක ඉස්සුව ජන්කුක් ලාච්චුවක් ඇරලා ෆස්ට්එයිඩ් බොක්ස් එක එළියට අරන් ඇඳෙන් ඉදගත්තේ තුවාල වුණ අතට බෙහෙත් දාන්න. ගොස් රෝලක් එළියට අරන් තුවාලේ සුද්ද නොකරම ජන්කුක් ගෝස් අතවටේ ඔතා ගත්තා.

නිහඩවම ඉන්න තැනින් නැගිට්ට ජන්කුක් රූම් එක ඇතුලෙම තියන පුංචි කබඩ් එකෙන් බියර් ටින් එකක් අරගෙන බැල්කනි එකට ගියේ හිත ටිකක් නිදහස් කර ගන්න. බැල්කනි එකේ ඩ්‍රෝ එක ඇරගෙන ගිය ජන්කුක් ඇදන් ඉන්න උඩු ඇඳුම ගලොලා දැම්මේ එළියෙන් හමන් යන සීතල හුළඟට කොල්ලගේ දඩියෙන් තෙත් වුණ ශරිරෙ වහගන්න ඉඩ ඇරලා.

සීතල හුළං ඇග වැදෙනකොට සිතලක් දැනුණනත් ජන්කුක් බියර් එක කඩලා කටෙන් තියා ගත්තෙ සීතලෙන් උණුසුම් වෙන්න. තරු පිරුනු අහස දිහා හැඟීම රහිතව බලන් හිටිය ජන්කුක් කටකොනින් හිනාවුණා.

මට මේ වෙලාවෙ ඔයාව ඕනෙමයි ලව්. ඉක්මනටම ඔයා මන් ළඟට එයි. අර ප*%යි උගෙ පොඩි එකිවයි ඉවරයක් කරලා දැම්මට පස්සෙ ඔයාට ඉතුරු වෙන්නේ මන් විතරයි ලව්. ඔයාට ආයිමත් මේ ජොන් ජන්කුක් ළඟට එන්නම වෙනවා!!!!!.

____________

උදේ කිම් මැන්ශන් එකේ තිබ්බෙ ලොකු යුද්ධයක්. උදේ හයයි තිහ යනුවෙන් ඔරලෝසුවේ සටහන් වෙලා තියෙනකොට මිෂෙල් හිටියෙ කිචන් එකේ කෑම හදමින්. මිෂෙල්ගෙ කැමැත්ත මත ජිමින් ගෙදර ගාඩ් එක අයින් කරා වගේම ගෙදර හිටිය හැම මේඩ් කෙනෙක්මත් අයින් කරන්න වුණා. මිෂෙල්ට ඕන වුණේ ෂෙලිගෙ වගේම ජිමින්ගෙත් හැම වැඩක්ම තමන් අතින් කරන්න.

උදේ කෑම හදලා ඉවර වුණ මිෂෙල් උඩ තට්ටුවට ගියේ ෂෙලිව නැගිට්ටන්න. මිෂෙල් රූම් එකට යනකොට ජිමින් හිටියෙ ෂෙලිව තුරුල් කරගෙන. දෙන්නා හොඳ නින්දක. 

ඒ දිහා බලන් ඉන්නකොට ජි-ශෙලිව නැගිට්ටන්න මිෂෙල්ට ලෝබ හිතුණත් කෙල්ල අකමැත්තෙන්ම ගිහින් ජිමින්ට තට්ටු කරා.

ජිමිනි නැගිට්ට ඔෆිස් යන්න පරක්කු වෙනවා. ෂෙලි ඔයත් නැගිටින්න අද ස්කුල් යන පලවෙනි දවසෙම පරක්කු වෙන්නද ඕනේ. කෝ ඉතිං නැගිටින්න. 

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now