🖤 70 🖤

277 37 15
                                    


සුපුරුදු විදිහට මිෂෙල් එයාගෙ රාජකාරි අරබලා තිබුණා. ෂෙලීව ස්කුල් එකට දාලා ආව මිෂෙල් කිම් මැන්ශන් එකේ තනිවුණා. ගෙදර වැඩ කරත් කම්මැලිකමේ හිටිය මිශෙල් ඩොනට්ස් හදන්න ගත්තෙ ෂෙලිගෙයි තමන්ගෙයි ආසම කෑම ඩොනට්ස් නිසා.

දණිස්සෙනුත් උඩට වෙන්න ටිකක්  කොට ගවූමක් ඇදලා කොන්ඩේ උඩට කරලා බන් එකකුත් ගහගෙන මිෂෙල් දෙපැත්තට පැද්දී පැද්දී තාලේට ඉන නළවන්න ගත්තෙ සිංදුවකුත් මුමුනමින්.

උඩට කරලා බැදන් ඉන්න කොණ්ඩෙන්, කොන්ඩ ගස් දෙක තුනක් කෙල්ලගේ මුණට වැටිලා තිබ්බෙ ඒ මුණ තවත් ලස්සන කරන්න වගේ. ඒත් මුණට වැටිලා තියන කොන්ඩ ගස් ටික නම් කෙල්ලට ලොකු කරදරයක් වුණා.

අතේ පිටි නිසා පිටි අත්ලෙන් මුණට වැටිලා තියන කොන්ඩ ගස් එහාට මෙහාට කරන ගමන් කෙල්ල හරි හරියට වැඩ කරෙ එයා දිහා තව කෙනෙක් බලන් ඉන්නවා කියලා නොදැන.

කිචන් එකට ඇතුල් වෙන දොර ළඟ බිත්තියට හේත්තුවෙලා ඔහු කෙල්ල දිහා බලන් හිටියෙ ආසාවෙන්. කෙල්ලගේ හැම ඉරියව්වක් දිහා හොදින් බලන් හිටි ඔහු මිෂෙල් ළඟට ගිහින් කෙල්ලගේ ඉණ වටේ අත් යවලා තමන්ගෙ විසල් පපුවට කෙල්ලගේ පිට තද කර ගත්තෙ උයමින් හිටිය මිෂෙල් ගැස්සිලා යනකොට.

වෙනදට තමන්ව මේ විදිහට බැක් හග් කරන්නේ ජිමින්. ඒත් උදේ තිබ්බ ෆලයිට් එකෙන් චයිනා ගිය ජිමින් කොහොමද දැන් මෙතන ඉන්නෙ?. 

එකපාට්ට දැනුණ උණුසුම නිසා මිෂෙල් ගැස්සුණත් අවුරුදු හයක් ගියත් මිෂෙල්ට ඔහුගෙ සුවද නම් අමතක වුණේ නෑ!!!!

ජ්.ජන්කුක්?

ම්ම්ම්ම් ඔයාට තාමත් මාව මතකයි නේද ලව්.

මිෂෙල්ව පිටිපස්සෙන් තුරුල් කරගෙන ජන්කුක් මත් වුණ හඬකින් කෙදිරියක් විදිහට ඇහුවේ කෙල්ලගේ හද ගැස්ම වැඩි කරලා.

ම්. මාව අතාරින්න ජන්කුක්!!!

ඉණ වටේ තියන ජන්කුක්ගෙ ශක්තිමත් අත් වලට ගහන ගමන් මිෂෙල් කෑ ගැහුවත් ජන්කුක් කරේ අවුරුදු ගාණකින් හම්බුනෙ නැති කෙල්ලගේ උණුහුම, කෙල්ලගේ සුවද වින්ද එක. ජන්කුක් මිෂෙල්ගෙ බෙල්ල පාමුල එයාගෙ සිතල තොල එහාට මෙහාට අරන් ගියේ මිෂෙල් ජන්කුක්ගෙන් ගැලවෙන්න උත්සහා කරනකොට.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now