🖤 31 🖤

231 41 5
                                    


මිෂෙල්ව ගෙදරින් බැස්සුව ජන්කුක් යුංගිගේ පණිවිඩේ එක්ක ඔවුන්ගේ රහස් තිත් පොලට ජන්කුක් යන්නෙ ඉවවහා ගිය කොපයකින්.

ආශ් පො%#යා! මන් උබව අතැරියේ මොනා වුණත් වුණ දේවල් වලට උබ පලිනැති නිසා. ඒත් මන් හිතුවට වඩා උබ නටනවා වැඩි. උබටත් ඉක්මනට උබේ ඔම්මා ගාවට යන්න පුළුවන් හු&$ පුතා.

කෙන්තියේ තමන්ටම කියා ගත්ත ජන්කුක් වාහනේ ඇතුල් පාරකට අරවන්නේ සුක්කානමට වේගවත් පහරක් එල්ල කරමින්. 

උපරිම වේගෙන් වාහනේ පදවමින් ජන්කුක් පටු පාරක් දිගේ ඉදිරියට ඇඳුනා. වේලාව හවස පහට කිට්ටුවෙමින් තිබ්බත් වටේ තියන රූස්ස ගස් නිසා මුළු පරිසරේම තිබ්බ අත්බූත අන්ධකාරයක්. පටු පාර දෙපස වැවී තිබු ගස් නිසා දාවාලකට වුණත් ඒ පටු පාරට ඉර එළිය වැටුණේ බොහොම අඩුවෙන්.

අඳුරු, අත්බූත පටු පාර දිගේ රිය පැදව ජන්කුක් තවත් පටු පාරකට වාහනේ හැරෙව්වා. ජන්කුක්ගෙ කලු අවුඩියට යන්න අපහසු තරම් ඒ පාර ගොඩක් පටු වුණා. එන්න එන්න ජන්කුක් අන්ධකාරෙන් වැහි තිබු ඝන කැලෑව ඉදිරියටම වාහනේ පැදව්වා.

පටු පාර දිගේ කිලෝමීටර් දෙකක් තුනක් දුර ආව ජන්කුක් අවසානයේ වාහන නැවතුවෙ විශාල බංගලාවක් ඉදිරියේ.

කැලෑව මැද පිහිටි අත්බූත බංගලාව ජන්කුක්, යුංගි වගේම හැරි විතරක් දන්න රහසක් වුණා. මිනිස් වාසයක් නැතුව අතැර දැමු එම බංගලාව පිටින් බැලු කෙනෙක්ට බූත මාලිගයක් වගේ පෙනුණා.

වාහනෙන් බැස්ස ජන්කුක් බංගලාව වෙත ඇතුලු වුණේ බංගලාවේ ප්‍රධාන දොරටුව ' චිරි බිරි ' හඩින් විවර වෙනකොට. පිටින් බැලු බැල්මට බංගලාව පාළු ස්භාවයක් ගතත් ඇතුලේ තියන ගෘහ භාණ්ඩ වලින් එසේ පෙනුණේ නෑ. හැමදෙම පිළිවෙළකට තිබු බංගලාවේ ඇතුළත පැරණි මාලිගයක ස්බාවය ඉසිලුවා.

බංගලාවට ඇතුලු වුණ ජන්කුක් මැද සාලය පාස් කරමින් තරප්පු පෙළ වෙත ඇවිද ගියේ බර අඩි තබමින්. තරප්පු පෙළ ළඟ නැවතුණ ජන්කුක් තරප්පු පෙළ අතරත් බිත්තිය අතරත් තිබෙන පොඩි හිඩැස වෙතට ගියේ කට කොනින් නංවා ගත් හිනාවකුත් සහිතවයි.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now