🖤 48 🖤

207 46 8
                                    


AFTER TWO DAYS. 

📞 කූ.

📞 කියන්න ලව්.

📞 කූ මන් අද ජිමින් එක්ක ටිකක් එළියට යන්නද? ඉක්මනට ගෙදර එනවා කියල පොරොන්දු වෙනවා.

📞 කොහෙද යන්නෙ?

📞 මෙ ටිකක් ඇවිදින්න.

📞 හ්ම්ම් යන තැන ලෝකේෂන් මට එවන්න ලව්. ගෙදර එන්න කලින් මට කෝල් එකක් දෙන්න මන් ගන්න එන්නම්. ආහ් ගාඩ්ස්ලව මඟ අරින්න එපා ඕකේ.

📞 හරි කූ.

📞 පරිස්සමින් ලව්. සරන්හෙ.

📞 නාදු.

කෝල් එක කට් කරපු ගමන් මිෂෙල් හැරුණේ පපුව හරහා අත් බැදන් ඉන්න ජිමින් පැත්තට.

හියුං මොකද කිව්වේ මිෂි?

එයා යන්න ප'මිශන් දුන්නා.

මිෂෙල් සතුටින් කියනකොට ජිමිනුත් හිනාවුණා.

එහෙනම් යමු. අපිට ගොඩක් වැඩ තියෙනවා අද!

යුනි එක ඉස්සරහා තියන කැෆේ එක පෙන්නලා ජිමින් කියනකොට මිෂෙල් ඔලුව වනලා කැෆේ එක ඇතුලට ගියා.

.

.

.

.

.

දැන් අපි මොනාද කරන්නේ ජිමිනි.

ඕඩ' කරපු කැපිචිනෝ එක බොන ගමන් මිෂෙල් ඇහුවේ තමන් ඉස්සරහා ඉදන් ඉන්න ජිමින්ගෙන්.

හ්ම්ම්ම් මුලින් කරන්නෙ නේද? මටත් හිතා ගන්න බෑ මිෂියා. ඒත් අපි මුලින් හියුං ගැන දැනන් ඉන්න ඕනේ. එයා හංගන දේවල්.

හංගන දේවල් කිව්වේ?

මේක නෙ මිෂි දැන් හියුං එයාගෙ පෙරන්ට්ස්ලා ගැන ඔයාට කියලා තියෙන්නේ බොරු නෙ. ඒ ඇත්ත අපි දැනන් ඉන්න ඕනේ.

ජිමින් කියන දේට එකඟ වෙමින් හිස වැනු මිෂෙල් කල්පනාවකට වැටුණා.

අද ජි-මිශි දෙන්නා මෙහෙම එකතැනකට ඇවිත් ඉන්නෙ ජන්කුක් ගැන හොයන්න මොකක්ම හරි අයිඩියා එකක් ගන්න. ගෙවුන දවස් දෙකේ මිෂෙල් ඒ ගැන තනියම හොයන්න උත්සහ කරත් ඒ දේ කෙල්ලට ගොඩක් අමාරු වුණා. ඒ නිසා මිෂෙල් තිරණේ කරා ජිමින් එක්ක එකතු වෙන්න.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now