🖤 16 🖤

275 47 14
                                    


අප්පා.

මැණික. 

මිෂෙල් හිටියෙ එයාගෙ අප්පා දිහා කඳුලු පිරුණු ඇස් වලින් බලාගෙන ඒ එක්කම මිෂෙල් ළඟට ලංවුණ ලීජන්ග් කෙල්ලව වැළඳ ගත්තෙ මිෂේලුත් තමන්ගේ අප්පගේ ඉනවටේ අත් යවලා වැළඳ ගන්නකොට. ලීජන්ග් දිහත් මිෂෙල් දිහාත් ජන්කුක් බලන් හිටිය ගොඩක් දුකින්.

මගෙ මැණික සතුටින් ඉන්න ඕන තෙරුණා නේද? ජන්කුක් මේ මගේ පණ.මගේ පණ පරිස්සම් කරන්න ඕන තේරුනද? මේ අප්පා ඔයාව විශ්වාස කරනවා අදල්.

ලීජන්ග් මිෂෙල්ව තුරුල් කර ගෙනම ජන්කුක්ට කියනකොට ජන්කුක් හිනාවක් එක්ක ඔලුව උඩ පහල කරේ ලීජන්ගෙ කීමට අවනත වෙමින්. 

අප්පා කෝ මගෙ ජිමිනි.

අකුණක් ගැහුවා වගේ මිෂෙල් ලීජන්ගෙ තුරුලෙන් ඈත් වුණේ වටේම ඇස් යවලා ජිමින් හොයනකොට.

ආ ම්. මේ එයා හදිස්සියක් වෙලා ගියා මිෂි.

ලීජන්ග් ගොතගගහා කියන දිහා මිෂෙල් බලන් හිටියෙ සැකෙන් වගේ. ඒත් තමන්ගෙ අප්පා මේ වගේ බොරුවක් කියටවත් තමන්ට කියන්න වුවමනාවක් නෑ කියලා හිතපු මිෂෙල් ලීජන්ගෙ වචන පිළිගත්තා.

ඇත්තම කිවුවොත් ලීජන්ග් කිව්වේ බොරු. ඔහු දැක්කා ඇස් වල කඳුලු පුරවන් එළියට ගිය ජිමින්ව. ලීජන්ග් ඒකට හේතුවත් දන්නවා. ඒත් මේ මොහොතේ ඒ බවක් මිශෙල්ට කියන්න ලීජන්ග්ට පොඩ්ඩක්වත් ඕන වුණේ නෑ.

හොඳ හුස්මක් ගත්ත කෙල්ල ජන්කුක් දිහා බැලුවම හිනාවකින් මුන පුරවන් තමන් දිහා බලන් ඉන්න කොල්ලව දැක්ක ගමන් මිෂෙල් කරේ අහක බලා ගත්ත එක.

ඒත් එක්කම මිෂෙල් ළඟට ආව ජන්කුක් කෙල්ලගේ අතින් අල්ල ගත්තෙ ගැස්සිලා කෙල්ල කොල්ලා දිහා බලනකොට.

අපි යමු ලව්.

ජන්කුක් මිෂෙල්ගේ අතින් අල්ලගෙනම කියනකොට කිසි දෙයක් නොකිව්ව මිෂෙල් අන්තිම පාරට එයාගෙ අප්පා දිහා බැලුවා. කෙල්ල කොච්චර ලීජන්ග් එක්ක තරහා ගියත් ඒ තරහා හරිම පොඩි වෙලාවයි තිබ්බෙ. මොකද ඒ එයාගෙ අප්පා නිසා. මේ ලෝකේ ජිමින් අරුණට පස්සේ තමන්ට කියලා ඉන්න එකම කෙනා.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now