🖤 50 🖤

246 43 13
                                    


ආහ් හරි හරි අනෙ. අපි බේස්ට්මන්ට් එකට යමු! 

මිෂෙල් කියනකොට ජිමින්ගේ මුණේ ඇඳුනේ තෘප්තිමත් හිනාවක්. ඇත්තටම ජිමින්ටත් ඕන වුණේ ජන්කුක්ගෙ ඇත්ත සාක්ෂි පිටින්ම එළියට ගන්න. 

හ්ම්ම් ඒත් කොහොමද කරන්නේ.

මෙහෙමයි අජුම්මා අපි දෙන්නා ගැන සොදිසියෙන් ඉන්නෙ කියලා මට තේරෙනවා. ඒ නිසා මන් අජුම්මගෙ අවධානේ ගන්නම් ඔයා ගාඩ්ලව මග ඇරලා බේස්මන්ට් එකට යන්න.

මිෂෙල් එයාගෙ අදහස ජිමින්ට කියනකොට කෙල්ලගෙ කතාවට හිස වනමින් කොල්ලා එකඟ වුණා.

හරි එහෙනම් මන් පහලට යනවා ඔයා ඊට පස්සෙ යන්න.

හරි මිෂියා.

එහෙම කිව්ව කෙල්ල රූම් එකෙන් එළියට ආවෙ කිචන් එකේ ඉන්න අජුම්මව හොයන්. ඈත තියාම කිචන් එකේ ඉන්න අජුම්මව දැක්ක කෙල්ල තව පාරක් රූම් එක දිහා බලලා ලං වුණේ අජුම්මා ළඟට.

අජුම්මා.

බේබි?

කෙල්ල ළඟට එනකන් දැක්කෙ නැති අජුම්මා කෙල්ලගේ හඬට ගැස්සිලා ගියා.

අජුම්මා බ්‍රේක්ෆස්ට් එක ගමු නේද? බඩගිනි.

හරි බේබි එතකොට අර සර්?

එහෙම කියන ගමන් අජුම්මගෙ ඇස් හෙව්වෙ ජිමින්ව.

එයා රූම් එකේ එක්සැම් එකට එන පොඩි ප්‍රශ්ණ ටිකක් නොට් කරනවා. අපි දෙන්නා බ්‍රේක්ෆස්ට් එක රෙඩි කරමු අජුම්මා.

අනි ඕන නෑ බේබි. මන් කෑම හදලා ඉවරයි. දැන් නම් සීතල වෙලා ඇති රත් කරලා ගන්න විතරයි තියෙන්නේ.

එහාට මෙහාට යන ගමන් පැය දෙකක් තුනක් තිස්සේ හදලා සීතල වෙලා තියන කෑම රත් කරමින් අජුම්මා කිව්වා.

මාත් උදව් කරන්නම් අජුම්මා.

තමන්ගෙ ප්ලැන් ආසාර්තක වෙයි කියන බයට කෙල්ල කියුට් මුණකුත් හදන් කියනකොට කෙල්ලගේ හුරතල් මුණ දිහා බලන් අජුම්මට කෙල්ලව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. 

හරි එහෙනම් බේබි උදව් කරන්නකෝ.

අජුම්ම අකමැත්තෙන් වුණත් කියනකොට කෙල්ලගේ මුණේ ඇඳුනේ ලස්සන හිනාවක්. ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා හඳපු කෑම රත් කරන්න පටන් ගත්තෙ මුළු කිචන් එකම මිෂෙල්ගේ හිනා හඩින් පිරිලා යනකොට.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now