🖤 37 🖤

213 41 6
                                    


තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, දවස් දාහතරක් ගෙවිලා ගියේ පුදුම තරම් වේගෙකින්. ඇහිපිය ගහන තරම් වේගෙකින් සති දෙකක් ගෙවිලා ගියත් කුක්-මිශි දෙන්නටනම් ගෙවුන සති දෙකම ආදරනිය වුණා.

මිෂෙල් ජන්කුක්ට ආදරේ කිව්ව දවසෙ ඉදන් ජන්කුක් වැඩි උනන්දුවක් දැක්කුවා මිෂෙල්ගේ තව ආදරේ දිනා ගන්න. මිෂෙල් වුණත් ලෝබ නැතුව ජන්කුක්ට මහා ගොඩක් ආදරේ දුන්නා.

ගෙවුන සති දෙකේම කුක්-මිශි දෙන්නා ගොඩක් ආදරනිය වගේම දෙන්නට දෙන්නා ගොඩක් හොදින් අඳුර ගත්තා.

මිෂෙල් පිටතට ගොඩක් ශක්තිමත් වගේම මුරණ්ඩු කෙල්ලෙක් වගේ පෙවුනත් ගෙවුන දවස් දාහතරෙ ජන්කුක් දැක්කා මිෂෙල් ඇතුලේ ඉන්න පොඩි කෙල්ලව. තමන් ළඟ හුරතල් වෙන කෙල්ලට ජන්කුක් දවසින් දවස ගොඩක් ආදරේ දුන්නා.

එතකොට ජන්කුක්, ජන්කුක් පිටතට සීතල චරිතයක් වුණාට ජන්කුක් මිෂෙල් ළඟ හැසිරුණේ ඔම්මා කෙනෙක්ගෙන් ආදරේ හොයන පොඩි කොල්ලක් වගේ. මිෂෙල් ජන්කුක්ගෙ ඒ හැසිරිමට කැමති වුණා. මිෂෙල් ආස කරා ජන්කුක්ගෙ ඒ වෙනස්ම පැත්තට.

කුක්-මිශි දෙන්නා ගෙවුණ දවස් දාහතරෙ සතුටින් හිටියට තවත් එක හදවතක් හිටියෙ පිච්චි පිච්චි.

ඒ ජිමින්!

ගිය සති දෙකේම කුක්-මිශි දෙන්නගේ ආදරේ දැක දැක ජිමින් ගොඩක් දුක් වුණා. මිෂෙල්ව යුනි එකට ගෙනත් දාන ජන්කුක් යුනි එකේ ඉන්න හැමෝටම පෙන්න කෙල්ලගේ තොල් වලට දෙන පුංචි පෙක් එක දිහා බලන් ජිමින් හිතෙන් ගොඩක් ඇඬුවා.

ජිමින්ට ඕන කරා ජන්කුක් ලගින් එයාගෙ පුංචි සුරගනව ළඟට ගන්න. ඒත් ඒ කොහොමද? එයාගෙ පුංචි සුරංගනාවිත් දැන් ජන්කුක්ට ආදරේ කරන්න අරන්නෙ.

මිෂෙල් ඇවිත් නොදැනුවත්ව ජිමින්ගේ හිත තව පැරුවේ ජන්කුක් එක්ක මිෂෙල් කරපු දේවල් හරි හරියට කියන නිසා. 'ඇති මිෂෙල් ඔය කියෙව්වා හොදටම ඇති.' කියලා ජිමින්ට මිෂෙල්ට කෑ ගහන්න ඕන වුණත් ජිමින් නිහඩවම ඒ හැමදෙම අහන් හිටියා.

එක මොහොතකට ජිමින්ට ඕන කරා 'මිෂියා මන් ඔයාට ආදරෙයි.' කියලා කියන්න. ඒත් කොල්ලා බය වුණා. දැන් එයාගෙ මිෂෙල් තමන් ළඟ හිටිය පොඩි කෙල්ල නෙමෙ. මිෂෙල් කියන්නේ දැන් විවාහ වුණ තරුණියක්. ආදරෙන් ඉන්න යුවලක් දෙපළු කරන්න ජිමින්ට හිත දුන්නෙ නෑ. මිෂෙල් එක්ක තියන යාලුකම ජිමින්ට කඩලා දාන්න ඕන වුණේ නෑ.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now