🖤 21 🖤

323 50 7
                                    

තමන්ගෙ පපුවට ගුලි වෙලා නිදන් ඉන්න මිෂෙල් දිහා ජන්කුක් බලන් හිටියෙ ආදරෙන්. ජන්කුක් කෙල්ලගේ ඉනවටේ අත් යවලා තද කරන් හිටියෙ හරියට කෙල්ල තමන්ව දාලා යයි කියලා බයෙන් වගේ.

මිෂෙල් තමන්ව දාලා යන බයානක හිනේ දැක්ක ජන්කුක් ගැස්සිලා නැගිටින්නේ මිෂෙල් තමන් ළඟ ඉන්නවද කියලා හොයන ගමන්.

මන් ආදරේයි ලව්.

කෙල්ලගේ කම්බුලින් තොල් තිබ්බ ජන්කුක් තව තවත් කෙල්ලව තුරුල් කරගත්තා. තාම පාන්දර නිසා ජන්කුක් මිෂෙල්ව තුරුල් කරගෙනම නින්දට වැටුණා.
.

.

.

.

.

.

ලව්.

ලව් කෝ නැගිටින්න.

ජන්කුක් දැන් විනාඩි ගාණක් තිස්සේ මුළු ඇදම බැඳන් නිදන් ඉන්න මිෂෙල්ව ඇහැරවන්න ලොකු උත්සාහයක නිරතවෙනවා. ඒත් ඉතින් අසරණ ජන්කුක් දන්නේ නෑ මෙතන බෝම්බයක් ගැහුවත් එයාගෙ ලව් කියටවත් නැගිටින්නේ නැති බව. ජන්කුක්ගෙ කියුටී,සෙක්සි, ලව්ලි වයිෆි පම්සත් උඩ දාන් හොදට නිදි.

ආශ් මේ කෙල්ලනම්.

තවත් කෙල්ලව ඇහැරවන එකෙන් වැඩක් නෑ කියලා තෙරුණ ජන්කුක් වොෂ් රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න.
.

.

.

හොදට නාගත්ත කොල්ලා කාමරේට එනකොටත් මිෂෙල් ගෙම්බා පොළේ ගහලා වගේ නිදි. හිනාවෙවීම මිෂෙල් ළඟට ගිය ජන්කුක් කෙල්ල උඩ දාන් ඉන්න පස්සට එකක් ගැහුවේ මිෂෙල් කෙදිරියක් එක්ක අනිත් පැත්තට හැරිලා කොට්ටයකුත් බදාගෙන නිදාගන්නකොට.

මේ කෙල්ලව අද ඇහැරවන්න බැරිවෙයි.

නිදන් ඉන්න කෙල්ල දිහා බලන් කොල්ලා මිමිනුවා. මිෂෙල් ලගින් ඈත් වුණ ජන්කුක් තමන්ගේ වගේම මිෂෙල්ගේත් බෑග් ලැහැස්ති කරන්න පටන් ගත්තෙ සොල් යන්න.  බෑග් ලැස්ති කරපු කොල්ලා ආයිමත් මිශෙල් දිහා බැලුවා. ඇත්තටම පොඩි ළමයෙක් වගේ නිදන් ඉන්න මිෂෙල්ව ජන්කුක්ට ඇහැරවන්න ලෝබ හිතුණා. ඒ නිසාම දැනටමත් එයාලව එක්කන් යන්න ඇවිත් තියන වාහනේට බෑග් ටික දැම්ම ජන්කුක් කෙල්ලව අත් අතරට අරගෙන කාර් එකට ගියා.

BLACK MASK <||JJK||> ON GOINGМесто, где живут истории. Откройте их для себя