🖤 20 🖤

286 40 24
                                    

තරුණයෙක් තමන්ගෙ කාමරේ බැල්කනි එකේ බිම ඉඳගෙන රෑ අහස දිහා බලන් හිටියෙ හිස් හැඟීමකින්. බැල්කනි එකේ බිත්තියෙ මුල්ලට හේත්තුවෙලා ඔහු හිටියෙ එක අතකින් වයින් බෝතලයකුත් ඇතැතිවයි.

මට ඔයාව ගොඩක් මතක් වෙනවා මිෂි. ඇයි. ඇයි ඔයාට මේ ජිමිනිගේ හිතේ තියන ආදරේ තේරුම් ගන්න බැරිවුණේ. ඇයි? එක පාරක්. එක පාරක් ඔය කටින් මට ආදරෙයි කියලා තිබ්බනම් මන් අද උබට වෙන මිනිහෙක් ගාවට යන්න දෙන්නේ නෑ පණ. සත්තයි එහෙනම් කිම් මිෂෙල් මේ පාර්ක් ජිමින්ගේම වෙයි හැමදාමත්!!!!

බිත්තුයේ මුල්ලේ එක කකුලක් නවන් අනෙක් කකුල දිග ඇරන් එක අතක තියෙන වයින් බෝතලේ වයින් උගුර උගුර හිස් කරන ගමන් තමන්ටම ජිමින් මුමුණ ගත්තෙ නිදහසේ තියන අනෙක් අතින් පපුව මිරික ගන්න ගමන්. 

ජිමින් හිටියෙ ලොකු දුකකින්. තමන් අවුරුදු ගාණක් තිස්සේ ආදරේ කරන කෙල්ල වෙන කෙනෙක්ගෙ වුණ එක ජිමින්ට දරා ගන්න බැරි වුණා. ජිමින් මිෂෙල් කියන්නේ පොඩි කාලෙ ඉදන්ම යාලුවො. හයිට්ස්කුල් යන කාලෙ ජිමින්ට හම්බුන හොඳම යාලුවා තමා මිෂෙල් කියන්නෙ. මිෂෙල්ටත් එහෙන්මම තමා. මිෂෙල්ට පොඩි කාලෙ ඉදන්ම යාලුවො හිටියෙ නෑ. ලොකුම හේතුව මිෂෙල් කියන්නේ බ්ලැක් පැන්තගෙ දුව වුණ එක. ඒත් ජිමින්ට නම් ඒ බවක් ගාණක් වුණේ නෑ. ජිමින් හැම මොහොතකම කෙල්ල ලගින් හිටියා හරියට හෙවණැල්ලක් වගේ. කිසිම කරදරයක් නොවෙන්න කොල්ලා කෙල්ලව හරි පරිස්සමට බලාගත්තා. කාලෙත් එක්ක ජිමින්ගේ හිතේ තිබ්බ යාලුකම ආදරේකට පෙරලුණත් ඒ බව කෙල්ලට කියන්න කොල්ලා බයවෙනවා.

"අපි දෙන්නගේ යාලුකම නැති වෙයිද?."

"මිෂෙල් මාත් එක්ක තරහා වෙයිද?."

ඔය වගේ නොයෙකුත් දේවල් නිසා ජිමින් එයාගෙ හැඟිම් හිත ඇතුළේම අගුලු දාගත්තා. ඒත් කොල්ලා එයාගෙ හැඟිම් මිෂෙල්ට නොදැනෙන්න ඇඟෙව්වත් කොල්ලගේ අවසනාවකට ඒ හැඟිම් මිෂෙල්ට නොතේරුණා. ඒ මොන වුණත් ජිමින් මිෂෙල් ලගින්ම හිටියා. ඒත් දැන්?

ඔයාට මේ ජිමිනිව මතක් වෙනවද මිෂියා? මට නම් ඔයාව ගොඩක් ගොඩක් මතක් වෙනවා!!! අයි මිස් යූ බේබි!!! මේ ජිමිනි ඔයාට හුගාක් ආදරේයි.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now