🖤 46 🖤

210 41 8
                                    


ආශ් මන් දැන් මොකද්ද කරන්නේ!!!!

කාමරේ එහා කොනට මෙහා කොනට ඇවිදමින් හිටිය ජිමින් එක තැන නැවතිලා කොන්ඩේ ඇද ගත්තෙ එහෙම කියන ගමන්.

මන් මේක කොහොමද මිෂීට කියන්නේ?

රූම් එකේම තියන පුංචි කවුච් එකෙන් ඉඳගන්න ගමන් ජිමින් හිතුවෙ කියා ගන්න බැරි ලොකු බරක් ඒ හිත ඇතුලේ තියාගෙන. ඊයෙ රෑ ජන්කුක් ගැන හොයන්න ගිහින් අහම්බෙන් ජන්කුක්ගෙ අතේ තියන ටැටු එක දැක්ක වෙලාවෙ ඉදන් ජිමින් හැසිරුණේ පිස්සු හැදිලා වගේ.

මුළු රැයක්ම නිදි නැතුව කල්පනා කරපු ජිමින් තවමත් හිටියෙ තමන් දැක්ක දේවල් ඇත්තද බොරුද කියලා හිතා ගන්න බැරුව.

බ්ලැක් මාස්ක් කියන්නේ ජන්කුක්ද? ඒ ටැටු එක බ්ලැක් මාස්ක්ගෙ අතේ තිබ්බ එකමයි. මට සීයට සියක් විශ්වාසයි ජන්කුක් කියන්නේ බ්ලැක් මාස්ක් කියලා ඒත්---- ආශ් හැමදෙම විකාරයක්.  

අත් දෙකෙන්ම ඔළුව බදාගෙන ජිමින් තමන් එක්කම වාදෙක. කොල්ලා හිටියෙ ප්‍රශ්ණ ගොඩක පැටලිලා.

ඉයුන්ජි ආන්ටිව මාරුවේ ජන්කුක් නම් ඇයි ජන්කුක් මිෂිව මැරි කරේ. අංකල්ගෙන් පලිගන්නද? අනි නෑ. මන් ඒක වෙන්න දෙන්නේ නෑ!

ඉන්න තැනින් කලබලෙන් නැගිට්ට ජිමින් ඇද උඩ තියන ෆෝන් එක අතට ගන්න හැදුවත් හිටි තැනම නැවතුණේ ඊයෙ මිෂෙල් කිව්ව දේවල් මතක් වෙලා.

මන් මොකද කරන්නේ මේ දේවල් මට අංකල්ට කියන්න බෑ. මන් මිෂීට පොරොන්දු වුණා හැමදෙම හොයාගෙන එයාට කියනවා කියලා.

හිතේ ඇති වුණ කේන්තියට අත් මිටි කරලා බිත්තියට ගැහුව ජිමින් එහෙන්මම බිත්තියට ඔළුව බර කර ගත්තෙ තදින් ඇස් පියාගන්න ගමන්.

හරි! හැමදෙම මන් මුලින් හොයා ගෙන ඉන්න ඕනේ! ඊට පස්සෙ මන් මේ ගැන මිෂීට කියනවා!

තවමත් කිසිදෙයක් ගැන පැහැදිලි සාක්ෂියක් නැති නිසා ජිමින් හිතා ගත්තා හැමදේ ගැන හරියට හොයලා මිෂෙල්ට කියනවා කියලා.

ඒත් එක්කම 'ටිං' සද්දේ එක්ක ඇද උඩ තිබ්බ ජිමින්ගේ ෆෝන් එක නාද වුණේ කොල්ලගේ අවදානේ ෆෝන් එකට යනකොට.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now